අය-වැයෙන් පොහොර නොමිලේ

(කොළඹ, ලංකාපුවත්) –මෙවර අයවැය යෝජනා අනුව, රුපියල් තුන්දහස් අටසියයක් වටිනා පොහොර මිටිය මුදල් අයකිරීමකින් තොරව නොමිලේ ලබාදීමට රජය යෝජනා කර ඇති බව ඇමැති පී හැරිසන් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ(21) ප්‍රකාශ කළේය.

දැනට මෙම පොහොර මිටිය රුපියල් තුන්දහස් තුන්සියයක සහනාධාරයක් යටතේ රුපියල් පන්සියයට ලබාදෙන බවත් පොහොර සහනාධාරය කප්පාදු කිරීමට රජය කටයුතු කර නොමැති බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

වත්මන් රජය පොහොර සහනාධාරය කප්පාදු කර ඇති බවට වැරදි මතවාදයක් සමාජ ගත කරන්න ඇතැමුන් උත්සාහ කළ ද වත්මන් රජය කිසිසේත් පොහොර සහනාධාරය කප්පාදු කර නොමැති බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

ඇමති පී. හැරිසන් මහතා මේ බව සඳහන් කළේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා 27/2 යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *