ධීවර යාත්‍රාවන්ට මෘදුකාංගයක්

(කොළඹ, ලංකාපුවත්) –ධීවර යාත්‍රා යොදාගනිමින් සිදුකරන මත්ද්‍රව්‍ය ඇතුළු නීතිවිරෝධී ජාවාරම් මැඩලීමට මෘදුකාංගයක් හඳුන්වා දීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍යඇමැති දිලිප් වෙදආරච්චි මහතා කටයුතු යොදා ඇත.

මෙමගින් ,ධීවර වරායෙන් පිටවන සහ ඇතුල් වන්නන් සියල්ලන්ගේ තොරතුරු එසැනින් ලබා ගැනීමට හැකියාව උදාවෙයි.

ධීවර යාත්‍රා යොදාගනිමින් සිදුකරන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු ඉහල යාම නිසා එම කටයුතු පාලනයට ෙමම විශේෂ මෘදුකාංගක් හදුන්වාදීමට කටයුතු කළ බව ධීවර රාජ්‍ය ඇමැතිවරයා කියයි.

මෙම මෘදුකාංගය පිලිබදව ධීවර යාත්‍රා හිමිකරුවන් දැනුවත් කළ අතර එහිදී ඔවුන් මෙම මෘදුකාංගය සදහා දැඩි කැමැත්ත පල කළහ.

නව මෘදුකාංගය හදුන්වාදීමත් සමග ධීවර කටයුතු සදහා මුහුදු යාමේදී ධීවරයින් විසින් දැනට පුරවන පෝරම කිසිවක් අවශ්‍ය නොවේ , පෝරම පිරවීම විශාල ගැටලුවක් බවට ධීවර ජනතාව කලක පටන් දැඩි විරෝධයක් මතු කරමින් එම පෝරම පිරවීම නැවැත්වීමට කටයුතු කරන ලෙස බලපෑම් කරමින් පසු වුහ . ධීවර ජනතාවගේ එම ඉල්ලීමට මෙම නව මෘදුකාංගය මගින් විසදුම් ලබා දී තිබේ.

ඒ සමගම යම් ධීවර යාත්‍රාවක් පිටත්ව යාමට උත්සහ ගන්නා අවස්ථාවේ එම යාත්‍රාව , එහි සිටින අය සහ රැගෙන යන භාණ්ඩ පිලිබඳව එසැනින් ධීවර දෙපාර්තමේන්තුව, නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත තොරතුරු මෙම මෘදුකාංගය මගින් ලබාදෙනු ලබයි.

එකී තොරතුරු අනුව අදාළ ධීවර යාත්‍රාවේ සිටින කණ්ඩායම පිළිබද දත්ත අනුව ගැලපෙන්නේද , ඔවුන් සැබෑ ලෙසම ධිවර කාර්මිකයින් ද යන්න හදුනාගැනීමට හැකිවීමත් , එකී දත්ත අනුව ගමනට අවසරණ දීම හෝ යාත්‍රාවේ ගමන නැවත්වීමට අදාළ අංශවලට ඉතාම කෙටිකාලයක් තුළ හැකි වීම මෙහි විශේෂත්වයකි .

අදාළ යාත්‍රාව මුහුදු ගිය පසු එම යාත්‍රාව ඇති ස්ථානය නිවැරදිව හදුනාගැනීමේ පහසුකම් සහිත මෙම මෘදුකාංගය මගින් ධීවර ජනතාවට ද විශාල සේවයක් සලසාගැනීමට හැකි ලෙස නිපදවා තිබීම ඉතාම වැදගත් බව රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතා පෙන්වා දෙයි.

රාජ්‍ය අඇමැතිවරයා පැවසුවේ ධීවර රැකියාවේ නිරතව සිටියදීම තමන් නෙලාගන්නා ලද මත්ස්‍ය තොගය ඩිජිටල් වෙන්දේසි මධ්‍යස්ථාන වලට සම්බන්ධ වී මත්ස්‍ය මිළගණන් මෙන්ම තම මත්ස්‍ය තොග ඒ ස්ථානයේ සිටම අලෙවිකිරීමේ හැකියාවද සලසා ඇති බවය . මෙම මෘදුකාංගය පාරිභෝගික ජනතාවට ද භාගත හැකි ලෙස ඉදිරියේදී වැඩි දියුණු කිරීම අපේක්ෂා ව බවද රාජ්‍ය ඇමැතිවරයා කියයි.

ඒ අනුව නව මෘදුකාංගය භාවිත කරමින් පාරිභෝගික ජනතාවට යම් මත්ස්‍යයකුගේ ජායාරුපයක් එවීමෙන් එම මත්ස්‍යයා පිලිබදව සියලු තොරතුරු පරිශීලනය කිරීමේ හැකියාව ද පවති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *