පාර්ලිමේන්තු ගැටුමට සම්බන්ධ මන්තී‍්‍රවරුන්ට විනය පියවර

(කොළඹ, ලංකාපුවත්) –නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පාර්ලිමේන්තුවේ පසුගියදා ඇතිවූ ගැටුම්කාරි තත්ත්වය පිළිබද වාර්තාව සභාවට ඉදිරිපත් කළේය. ඒ පාර්ලිමේන්තුවේ කටයුතු අද(22) පෙරවරු 10.30 ට ආරම්භ වූ අවස්ථාවේදීය.

පසුගිය නොවැම්බර් 14 ,15 සහ 16 යන දිනවල පාර්ලිමේන්තු සභාවේ පටිගතවූ දර්ශන සහ මාධ්‍ය ආයතන වලින් ලබාගත් දර්ශන පිළිබද තොරතුරු ඊට ඇතුලත් බව ගැටුම පිළිබද සොයා බැලීමට පත්කළ කමිටුවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පැවසීය.

ඒ පිළිබද අදහස් දක්වමින් කතානායක කරු ජයසූරිය මහතා කියාසිටියේ මෙම වාර්තාව වරප‍්‍රසාද කමිටුවට ඉදිරිපත් කරන බවයි. චෝදනා එල්ලව සිටින මන්තී‍්‍රවරුන්ට එරෙහිව විනය කි‍්‍රයාමාර්ග ගන්නා ලෙසද කතානායකවරයා මෙහිදී වරප‍්‍රසාද කමිටුවට නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five + 2 =