වසර 13ක පාසල් අධ්‍යාපනය අනිවාර්යයි – අගමැති රනිල්

(කොළඹ, ලංකාපුවත්) –ලෝකයේ දියුණු රටවල අධ්‍යාපන ක්‍රමය වත්මන් සමාජයට ගැළපෙන ආකාරයට සකස් කර තිබෙන අතර අප ගමන් කළ යුත්තේ නවීන අධ්‍යාපන ක්‍රමය සමඟ බවත් ඒ අනුව වසර 13ක අනිවාර්ය පාසල් අධ්‍යාපන ක්‍රමය ක්‍රියාත්මක කර තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (21) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවැති දහතුන් වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන සිසුගත කිරීමේ ජාතික උත්සවය අමතමිනි.

ජපානය, කොරියාව, චීනය වැනි රටවල මෙන්

ශ්‍රී ලංකාවේද වසර 13ක පාසල් අධ්‍යාපනය අනිවාර්ය කරමින් නූතන ආර්ථිකයට ගැළපෙන ආකාරයට රැකියා සහ ආදායම් මාර්ග ඇති කරන බව එහිදී පැවසූ අග්‍රාමාත්‍යවරයා, නිදහස් අධ්‍යාපන ක්‍රමය පළමුවෙන් ආරම්භ වූයේ ශ්‍රී ලංකාවේ වුවද පවතින ක්‍රමය තුළ සිසුන් සියයට 50ක් පමණ පාසල් අධ්‍යාපනය අතරමඟ හැර යන බව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *