ව්‍යාපාරිකයන්ගේ අතුරුදන්වීම: තවත් උප පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –රත්ගම, බුස්ස ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධීයට අදාළ තවත් උපපොලිස් පරීක්ෂකවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දකුණු පළාත් විශේෂ ඒකකයට අනුයුක්ත උපපොලිස් පරීක්ෂකවරයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

වයස අවුරුදු 26ක් වන උපපොලිස් පරීක්ෂකවරයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

බූස්ස රත්නඋදාගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු අතුරුදන් විමේ සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත් විශේෂ ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා මහතා පසුගිය පෙබරවාරි මස 18 වන දින අත්අංඩංගුවට ගනු ලැබීය.

බූස්ස රත්නඋදාගම ගම්මානයේ පදිංචි 33 හැවිරිදි මංජුල අසේල හා 31 හැවිරිදි රසේන් වින්තක නම් ව්‍යාපාරිකයින් දෙදෙනෙක් පසුගිය ජනවාරි 23 වැනිදා පෙරවරු 10ට පමණ මෝටර් රථයකින් හා වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් රැගෙන ගොස් තිබුණි.

නිවැසියන් පවසන්නේ පොලිස් නිල ඇඳුමින් සැරසි පිරිසක් මෙලෙස ඔවුන්ව රැගෙන ගිය බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *