විජයකලාගේ නඩුව මැයි 10 තෙක් කල් තබයි

(කොළඹ, ලංකාපුවත්) –එල්ටීටීඊ සංවිධානය නැවත ගොඩනැගිය යුතු බවට සඳහන් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය විජයකලා මහෙෂ්වරන් මහත්මිය සම්බන්ධ නඩුවේ නීතිපති උපදෙස් සඳහා ලබන මැයි මස 10 වැනි දින තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (22) නියෝග කළාය.

සිද්ධියට අදාළ සැකකරුවු හිටපු නියෝජ්‍ය ඇමැතිනී විජයකලා මහෙෂ්වරන් මහත්මිය අධිකරණයට පෙනී සිටි අවස්ථාවේ දී එම නියෝගය නිකුත් කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *