බොරැල්ල ට්‍රැෆික් OIC යටකර පළාගිය සිව්දෙනා අධිකරණයට

(කොළඹ, ලංකාපුවත්) – බම්බලපිටියේ ඩිෆෙන්ඩර් රථ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් වන රථයේ හිමිකරු, ලියාපදංචි හිමිකරු සහ පිටුපසින් පැමිණි ජීප් රථයේ සිටි දෙදෙනා අද (25) අළුත්කඩේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ බොරැල්ල පොලිස් ස්ථානයේ ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉදිප්පිලිගේ ආනන්ද සාගර සරත්චන්ද්‍ර යන අය කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ මේ වන විට ප්‍රතිකාර ලබයි. බම්බලපිටිය පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලැබේ.

අනතුර සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුත්‍රයෙකු අද (25) අත්අඩංගුවට ගෙන ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ. මේ අනුව ඔහු ඇතුලුව තවත් සිව් දෙනකුද අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

අනතුර සිදු වු අවස්ථාවේදී ඩිපෙන්ඩර් රියේ හිද එම අනතුර දැනුම් නොදීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ. එම ඩිෆෙන්ඩර් රථයේ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 7 දෙනෙකු ගමන් කර ඇතැයි වාර්තා වේ.

අනතුරකට ලක් කර පළාගිය ඩිෆෙන්ඩර් රථය බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ තිබී ඊයේ සොයා ගැනීමෙ පසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සිදුකෙරිණ.

සි.සි.ටිවී.දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශනවලදී බත්තරමුල්ල පැලවත්ත පැගෝඩා ගාඩ්න් හි අංක 727 දරණ නිවසේ තිබියදී ඩිෆෙන්ඩර් රථය සොයා ගනු ලැබීණ. එ අනුව අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 27 ක් වු රියදුරු රත්නායක මුදියන්සේලාගේ නවිදු ඔමේෂ් රත්නායක වන අයයි. ඔහු පොතුඅරාව, තලංගම උතුර, මාලඹේ යන ලිපිනයේ පදිංචිකරුවෙකි.

WP.FZ 9143 යන ඩිෆෙන්ඩර් රථයේ හිමිකරුවා අවුරුදු 27 ක් වු රංචිගොඩ ආරච්චිගේ විසිත ශ්‍රී විජේසේකර වන අතර, ගාලුපාර, කොළඹ 3 යන ලිපිනයේ පදිංචි කරුවෙකි.

අනතුර සිදුවන අවස්ථාවේ, ඩිෆෙන්ඩර් රථය සමඟ පැමිණි ප්‍රාඩෝ වර්ගයේ රථයක් සහ රියදුරු සමඟ එහි ගමන්කල අයෙකු ඊයේ බම්බලපිටිය පොලිස් ස්ථානයට ඉදිරිපත් වීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත. රියදුරු ලෙස සිට ඇත්තේ අවුරුදු 28 ක් වු දුමින්ද සුදම්මික ආටිගල නැමති අයෙකු වන අතර ඔහු ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වන ධම්මික අටිගල මහතාගේ පුත්‍රයෙකි.

ප්‍රාඩෝ රථයේ ගමන් කළ කිරන් මැතිව් දනිස් (23) නැමැති සුනේත්‍රා දේවී මාවත, පැපිලියාන ප්‍රදේශයේ පදිංචි අයෙකු අත්අඩංගුවට පත්ව තිබේ.

සැකකරුවන් 4 දෙනාම අද(25) දින අළුත්කඩේ අංක 3 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

යතුරුපැදියකින් කොල්ලුපිටිය පොලිස් ස්ථානය වෙත ගමන් කරමින් සිටි බොරැල්ල රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා ඊයේ(24) අලුයම 4.35ට පමණ බම්බලපිටිය ප්‍රදේශයේදී ඩිෆෙන්ඩර් රථයක ගැටීමෙන් අනතුරට ලක්ව තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *