වකුගඩු රෝග සහන සත්කාර ඒකකය අද ජනතා අයිතියට

(කොළඹ, ලංකාපුවත්) –මහනුවර ශික්ෂණ රෝහලට අනුබද්ධව ඉදි කෙරුණු වකුගඩු රෝග සහන සත්කාර හා සුබසාධන මධ්‍යස්ථානය අද(25) ජනතා අයිතියට පත් කෙරේ.

මෙය ඉදිකෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ආරම්භ කරන ලද ජාතික වකුගඩු අරමුදලේ රුපියල් මිලියන 628ක මූල්‍ය ප්‍රතිපාදන උපයෝගී කරගනිමින්ය.

සෞඛ්‍ය අමාත්‍යවරයාට සිටිය දී මෙන්ම ජනාධිපති ධූරයට රෝගය නිවාරණය කර ජනජීවිතය සුරක්ෂිත කිරීමයි. ඒ වෙනුවෙන් ජනාධිපති වකුගඩු රෝග නිවාරණ බලකාය පිහිටුවා රෝගීන් වෙනුවෙන් විශාල කාර්යභාරයක් සිදු කෙරෙමින් පවති.

දකුණු ආසියාවේ විශාලතම වෘක්කවේද රෝහල පොළොන්නරුවේ ඉදි කෙරෙන්නේ ද එම වැඩපිළිවෙළ යටතේ. ඉන් නොනැවතී වකුගඩු රෝගීන්ගේ පහසුව සඳහා මහනුවර ශික්ෂණ රෝහලට යාබදව මහල් 6කින් සමන්විත නව මධ්‍යස්ථානය ඉදිකර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *