ඉරාන විදේශ ඇමති ඉල්ලා අස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඉරාන විදේශ අමාත්‍ය මොහොමඩ් ජවාඩ් සාරිෆ් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබේ.

හදිසි ඉන්ස්ටග්‍රෑම් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සදහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

සිය ධුර කාලය තුල සිදුවූ අතපසුවීම්වලට සමාව අයද සිටින බව පවසන ඔහු ඉරාන ජනතාවට සහ බලධාරීන්ට ස්තූතිය පළකර තිබේ. ධුරයෙන් ඉවත්වීමේ හේතුවක් ඇමතිවරයා සඳහන් කර නොමැත.

59 හැවිරිදි විදේශ අමාත්‍යවරයා මීට පෙර එක්සත් ජාතීන්ගේ ඉරාන තානාපතිවරයා ලෙස ද කටයුතු කර තිබේ. ඔහු විදේශ අමාත්‍ය ධුරයේ කටයුතු කරන්නේ, 2013 වසරේ සිටයි. සාරිෆ් මහතා 2015 ඉරාන න්‍යෂ්ටික ගිවිසුම සාර්ථකකර ගැනීම සඳහා ප්‍රමුඛ පෙළේ කාර්යයක් ඉටු කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *