ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීමේ ප්‍රසාද ලකුණු 90 සීමාවට එයි

(කොළඹ, ලංකාපුවත්) – දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාව වාර්තා කළ 2-0 ක ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයෙන් පසුව ටෙස්ට් රටවල් ශ්‍රේණිගත කිරීමෙහි නැවත වෙනසක් සිදු වෙමින් දකුණු අප්‍රිකානු පිල තෙවැනි ස්ථානය දක්වාද තෙවැනි ස්ථානයේ සිටි නවසීලන්තය දෙවැනි ස්ථානය දක්වාද පැමිණ සිටී.

ප්‍රසාද ලකුණු 116 ක් ලබා සිටින ඉන්දියාව මෙම සටහනේ අංක 1 ස්ථානයේ තවදුරටත් වැජඹෙයි. දෙවැනි ස්ථානයට පත්වූ නවසීලන්තය ප්‍රසාද ලකුණු 107 ක් ලබා සිටී.

මෙම තරගාවලිය ආරම්භ වීමට ප්‍රථම ප්‍රසාද ලකුණු 110 ක් හිමිකර ගනිමින් දකුණු අප්‍රිකාව දෙවැනි ස්ථානයේ පසුවුවද ශ්‍රේණිගත කිරීම්හි පහළ සිටින ශ්‍රී ලංකාව අතින් සිය මව්බිමේදීම තරගාවලි පරාජයට පත්වීම නිසා ඔවුන් සතුව තිබූ ප්‍රසාද ලකුණු 05 ක් අහිමිව යෑම තෙවැනි ස්ථානය දක්වා පහත බැසීමට හේතුවිය.

කෙසේ වෙතත් ප්‍රසාද ලකුණු 89 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කලකට පසු නැවතත් ලකුණු 90 සීමාව ඉක්මවාලමින් ප්‍රසාද ලකුණු 93 ක් ලබාගෙන සිටියි.

මේ අතර පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීමේද වෙනසක් සිදුවෙමින් පළමු පිතිකරුවන් 20 දෙනා අතරට පැමිණීමට කුසල් මෙන්ඩිස්ට අවස්ථාව උදාවී තිබේ.

මෙම තරගයේ අවසන් ඉනිමේදී පිතිකරුවකු ලෙස දක්වන ලද දක්ෂතාව හරහා කුසල් ඉදිරියට පැමිණ සිටින අතර ඔහු සමඟ අනෙක් අන්තයේ රැඳී සිටිමින් නොදැවී ලකුණු 75 ක් ලද ඕෂද ප්‍රනාන්දු එම ශ්‍රේණිගත කිරීමෙහි ස්ථාන 35 ක් ඉදිරියට පැමිණ 65 වැනි ස්ථානය වෙන් කර ගෙන සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *