මංගලගේ දේශපාලන දිවියට වසර තිහයි

(කොළඹ, ලංකාපුවත්) – මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ මුදල් ඇමැති මංගල සමරවීර මහතාගේ දේශපාලන දිවියට වසර 30 ක් සපිරීම වෙනුවෙන් පවත්වනු ලබන උත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී හෙට (28) පස්වරු 3.00 ට පැවැත්වේ.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.

එම උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වනුයේ ජාත්‍යන්තර කීර්තිධර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු එක්සත් ජනපද තානාපතිනී සැමැන්තා පවර් මහත්මිය විසිනි.

වසර 1989 දී ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරීපත් වී ආ මංගල සමරවීර මහතා එදා මෙදාතුර ඇමැති ධුර ගණනාවක් දරමින් මාතර පුරවරයේ දියුණුවට විශාල සේවාවක් ඉටුකොට තිබේ.

ගම්දනව්වේ ජනී ජනයාගේ සිට රාජරාජ මහාමාත්‍යාදීන් දක්වා එක සේ ලෙන්ගතුව සමීපව කටයුතු කරන මංගල සමරවීර මහතා තම දේශපාලන ජීවිතයේ වැදගත්ම සමරුවකදී එහි ප්‍රධාන දේශනය පැවැත්වීමට සැමැන්තා පවර් මහත්මිය තෝරාගනු ලැබුවේ දෙදෙනා අතර රාජ්‍යතාන්ත්‍රිකව හා පෞද්ගලිකවත් පවතින දැඩි මිතුරුදම නිසාවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *