ගුවන් නියමුවා නිදහස් කරන බව අගමැති ඉම්රාන් කියයි

(කොළඹ, ලංකාපුවත්) – පාකිස්තානය විසින් අල්ලාගන්නා ලද ඉන්දීය ගුවන් නියමුවා ” සාමය සඳහා වූ පියවරක්” ලෙස අද දින (01) නිදහස් කරන බව පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ඊයේ පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කලේය .

ඉන්දීය ගුවන් හමුදාවේ විං කමාන්ඩර් අභිනන්දන් වර්ධමාන් නමැති ගුවන් නියමුවා තමන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පාකිස්තාන තොරතුරු අමාත්‍යාංශය ඊයේ වාර්තා කළ අතර විංග් කමාන්ඩර් අභිනන්දන් වර්ධමාන් නමැති ගුවන් නියමුවා අතුරුදන් වී ඇති බව ඉන්පසු ඉන්දීය බලධාරීන් තහවුරු කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *