විදුලි බලය අඩුවීමක්, නැතිවීමක්, හිගවීමක් ගැන පවසන මේ සියලුමදේ මුසාවක්

(කොළඹ, ලංකාපුවත්) – විදුලි බලය අඩුවීමක්, නැතිවීමක්, හිගවීමක් ගැන පවසන මේ සියලුමදේ මුසාවක් බව විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ඇමතිවරයා අදහස් පළකළේ, හබරණ ඉදිකෙරෙන ලංකා විදුලිබල මණ්ඩලයට අයත් විදුලි උපපොල ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සදහා පැවති නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වෙමිනි.

සාම්පූර් ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 200 ක ගල් අගුරු බලාගාර ව්‍යාපෘතිය මූලික කරගනිමින් මෙම විදුලි හබරණ විදුලි උපපොල ස්ථාපිත කිරිමට සැලසුම් කර තිබේ. දැනට නොරොච්චෝල සිට නව අනුරාධපුරට සහ වේයන්ගොඩට ගමන්ගන්නා සම්ප්‍රේෂණ මාර්ගයන්හි යම් ගැටළුකාරි තත්ත්වයක් ඇතිවූ අවස්ථාවකදී පද්ධතිය තුළ ඇතිවන්නාවූ තත්ත්වය පාලනය කරගැනීම සදහාද මෙම විදුලි උපපොල උපයෝගී කරගත හැකිවේ. 2020 පෙබරවාරි මස වනවිට මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට බලාපොරොත්තු වේ. මෙම හබරන විදුලි උපපොළ ඉදිකිරීම් කටයුතු අවසන් වනවිට,සාම්පූර් බාලාගාරයේද කටයුතු නිමවුවහොත්, එය විදුලිබල ක්ෂේත්‍රයට මෙන්ම සමස්ත රටටම සුවිශාල ආර්ථික වාසියක් සලසා දෙනු ඇතැයි බලාපොරොත්තු වේ. දේශීය සමාගමක් වන ඩිමෝ ආයතනය විසින් ඉදිකිරීම් කටයුතු සිදුකරන මෙම උපපොල ඉදිකිරීම සදහා යන වියදම රු. බිලියන 3.5 ක් පමණ වෙතැයි ඇස්තමේන්තු කර තිබේ. ජයිකා ණය ආධාර මත ඉදිකෙරෙන මෙම විදුලි උපපොළ, අක්කර 16ක රජයේ ඉඩමක ඉදිකිරීම් සිදු කෙරේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,

“කෝටි 150ක ව්‍යාපෘතියක්. 2020 දී අවසන් කරනවා. මෙම විදුලි උපපොල ව්‍යාපෘතිය ජන ජීවිතයට උදව් වෙන, ඒ වගේම ආයෝජකයන්ට හොද අවස්ථාවක් ලබාදෙන ව්‍යාපෘතියක්. ලංකාවේ ඉදිරි අනාගතය රැදී තිබෙන්නේ මෙවැනි ව්‍යාපෘති මතයි. මේ නිහඩව රටේ සිදුවන සංවර්ධනයක්.

ඕනම කෙනෙක්ට මගේ අමාත්‍යාංශය සම්බන්ධ ඕනෑම ගැටළුවක් ගැන විමසන්න, කරුණු දැනගන්න මමත්, මගේ අමාත්‍යාංශයත් සෑම මොහොතකම විවෘතයි. මාධ්‍ය ඉදිරියේ බොරු රගපෑම් නොකර, අවස්ථාව සලසා දුන්නම ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන තමන්ගේ ගැටළු විසගත්තා නම් වැදගත් නේද …දේශපාලඥයෙක් වුණාම උදේ ඉදලා රෑ වෙනකල් චරිත ඝාතන වලට ලක්වෙන්න තමයි වෙන්නේ “යැයි පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 − 8 =