ඩිජිටල් අධ්‍යාපන ක්‍රමයක් හදුන්වා දෙනවා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ මේවන විට අධ්‍යාපන පෙරළියක ආරම්භක වකවානුවක පවතින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඩිජිටල් ආර්ථිකයක් ඇති කිරීමට අවශ්‍ය ඩිජිටල් අධ්‍යාපන ක්‍රමයක් ද හදුන්වාදෙන බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ගනේමුල්ල හේමමාලී මහා විද්‍යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) පෙරවරුවේ සිසු අයිතියට පත් කෙරුණි.

විද්‍යාලය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයා නව ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව හේමමාලි විද්‍යාලයේ විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලය සමග සුහද කතාබහක නිරත විය.

ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා ගනේමුල්ල ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ තෙමහල් පන්තිකාමර ගොඩනැගිල්ල සහ තාක්ෂණ පීඨ ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්විය. නව තාක්ෂණික විෂය ධාර සදහා අවශ්‍ය ප්‍රායෝගික පුහුණුව ලබාගැනීමට හැකි උපකරණ සියල්ල තාක්ෂණ පීඨය සතුයි. රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *