අයවැය රහස් එළියට

(කොළඹ, ලංකාපුවත්) – පැය දෙකයි මිනිත්තු 15ක කාලයක් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඊයේ (05) යහපාලන ආණ්ඩුවේ පස්වන අයවැය ඉදිරිපත් කරනු ලැබීය.

වේත්‍රධාරියා විසින් සෙංකෝලය තැම්පත් කරනු ලැබ කතානායක කරු ජයසූරිය මහතා මූලාසනාරූඪ වීමෙන් පසුව පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වූ අතර මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම ආරම්භ කළේ පස්වරු 2.05ට පමණ ය.

මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් මෙන්ම හමුදා සාමාජිකයන්ගේ දීමනා ඉහළ නංවා තිබෙන අතර තවත් සහන ණය යෝජනා රැසක් හඳුන්වා දී තිබේ. “ජනතාවට ශක්තිය – දුප්පතුන්ට රැකවරණය“ යන තේමාව යටතේ මෙවර අයවැය ලේඛනය ඉදිරිපත් කෙරුණු අතර වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන ආර්ථික වැඩපිළිවෙළක් වන එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය පදනම් කරගනිමින් මෙවර අයවැය යෝජනා සකස් වී තිබීම විශේෂත්වයකි.

නිදහසෙන් පසු අඳුරුතම දින 51ලෙස පසුගිය ඔක්තෝබර් මස 26 වැනිදායින් පසු කාලය හැඳින්විය හැකිය.

පසුගිය දින 51 පැවති ව්‍යාකූල දේශපාලන තත්ත්වය නිසා සංචාරකයන්ගේ පැමිණීම අඩු වුණා.

2015 වසරේ බාර ගත්තේ පුපුරා යෑමට ආසන්න කාල බෝම්බයක් වගේ ආර්ථිකයක්.

අධ්‍යාපනය හා සෞඛ්‍ය අංශ සඳහා වැඩි අරමුදල් ප්‍රමාණයක් ලබා දෙනවා.

පුරවැසියන් සවිබල ගැන්වීම රජයේ මූලික අරමුණයි.

දිළිඳු සහ දුබල ජනතාව ආරක්ෂා කරමින් පෝෂණය කිරීමටත් මුදලින් පමණක් නොවෙයි ගුණාංගවලිනුත් පොහොසත් සමාජයක් බිහි කිරීමටත් කටයුතු කරනවා.

කඩිනම් ග්‍රාමීය සංවර්ධනයක් කරා – ගම්පෙරළිය

ගම්පෙරළිය වැඩසටහන සඳහා රුපියල් මිලියන 48,000ක් වෙන් කරන වැඩ ආරම්භ කර තිබෙනවා.

මැතිවරණ කොට්ඨාසයක් වෙනුවෙන් වෙන්කරන ප්‍රතිපාදන රුපියල් මිලියන 200 සිට 300 දක්වා වැඩි වේ.

ආගමික මධ්‍යස්ථාන සංවර්ධනය සඳහා රුපියල් ලක්ෂ 5 සිට 10 දක්වා මුදල්.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා ඇප සුරැකුම්පත් ලබා දීමට මහබැංකුව යටතේ අරමුදලක්.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ කුඩා ට්‍රක් රථ මත පනවා ඇති නිෂ්පාදන බද්ද අඩු කරනවා.

නව ව්‍යවසායකයන් අධෛර්මත් වන ආකාරයට වැඩ කරන බැංකු නිලධාරීන් ගැන දැනුම් දෙන්න 1925 අමතන්න.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රතිලාභීන්ගේ දැනුම වර්ධනය කිරීම සඳහා රජයේ ආයතන සහ විශ්වවිද්‍යාල සමඟ වැඩසටහන් කිහිපයක්.

ජීවනෝපාය නංවමින් ආර්ථික වර්ධනයක් කරා

පසු අස්වනු හානිය අවම කර ගැනීමට අවශ්‍ය කාර්යක්ෂම හා ඵලදායී ගබඩා ඇති කිරීමට අවශ්‍ය ගබඩා පහසුකම් ඇති කිරීමට පෞද්ගලික ව්‍යවසායකයන්ට ආරාධනා කරනවා.

හම්බන්තොට, කුරුණෑගල, පුත්තලම, රත්නපුර සහ කෑගල්ල ආශ්‍රිත ආදර්ශ කෘෂි උද්‍යාන.

කුකුළු පාලන කර්මාන්තයේ නිෂ්පාදකයන්ට තම බෙදාහැරීමේ ජාලය වැඩිදියුණු කිරීම සඳහා ණය යෝජනා ක්‍රම පුළුල් කෙරේ.

රට තුළ ටයර් නිෂ්පාදනය සහ රබර් ආශ්‍රිත නිෂ්පාදන දියුණු කිරීමට රුපියල් මිලියන 800ක් වෙන් කෙරේ.

වියලන ලද පොල්, පොල්කටු අඟුරු සහ පොල්මද සැකසීමේ කර්මාන්ත සඳහා බලපත්‍ර ලබාදීමේ ලිහිල් ක්‍රමවේදයක්.

පරිසර සුරක්ෂිතතාව ආරක්ෂා වන අයුරින් මැටි පිඟන් කර්මාන්තයේ නීති සංශෝධනයට අවධානය.

කුරුඳු අපනයනය වැඩිකිරීමට සහ කුරුඳු කර්මාන්තය පුහුණු කිරීමේ ආයතනය වෙනුවෙන් රුපියල් මිලියන 75ක් වෙන් කර තිබෙනවා.

මොරගහකන්ද හා කළුගඟ ව්‍යාපෘතියේ වැඩ 2020 වන විට අවසන් කරනවා.

මොරගහකන්දේ සිට ජලය ගෙන යෑමට වයඹ මහ ඇළ සහ සෙසු ඇළ මාර්ග සකස් කිරීමට රුපියල් මිලියන 12,000ක්.

වතුකම්කරු ජනතාවගේ වැටුප් ගැටලුවට විසඳුම් සෙවීම සඳහා තේ මණ්ඩලය සමඟ කඩිනම් විසඳුම්.

ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයන් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 2000ක්.

දැදුරු ඔය, මැණික් ගඟ ඇතුළු ජලාශ ආශ්‍රිත ප්‍රධාන ව්‍යාපෘති 07ක් සඳහා රුපියල් මිලියන 2410ක්.

පේදුරුතුඩු සහ පේසාලේ නව ධීවර වරායන් සහ නැංගුරම් පොළවල් ඉදි කිරීමට මිලියන 1300ක්.

යොත්පන්න සහ බහුදින ධීවර යාත්‍රා සඳහා අවශ්‍ය ශීතාගාර මිලදී ගැනීමට රුපියල් මිලියන 300ක්.

සංවේදී සමාජයක් කරා

සියලුම ග්‍රාමීය පාසැල් දරුවන් සඳහා නොමිලේ කිරි වීදුරුවක් ලබාදීමට රුපියල් මිලියන 1000ක්.

ලංකාවේ ලක්ෂ 10කට වඩා ජනතාවට වැසිකිළි පහසුකම් නැහැ. හම්බන්තොට පමණක් ලක්ෂයකට පමණ වැසිකිළි පහසුකම් නැහැ. මොණරාගල වැසිකිලි නැති ගෙවල් 25,000ක් තිබෙනවා. එබැවින් 2019 වසර අවසන් වනවිට සියලු ජනතාවට වැසිකිළි පහසුකම් ලබා දීමට රුපියල් මිලියන 4000ක්.

සෑම ප්‍රධාන බස් නැවතුම්පොළවල් සහ දුම්රිය ස්ථානවල පිරිමි, ගැහැනු සහ ආබාධිත අයට භාවිත කළ හැකි වැසිකිළි සකස් කර ඒවා කරගෙන යෑමට පෞද්ගලික අංශයට අවස්ථාව ලබාදීමට රුපියල් මිලියන 1000ක්.

ප්‍රසූත නිවාඩු මාස 03 ලබා දීමට පෞද්ගලික අංශය දිරිමත් කරනවා. ප්‍රසූත නිවාඩු මාස 04 දක්වා ලබා දෙන්නේ නම් අතිරේක අඩු කිරීම සියයට සියය දක්වා ලබා දෙනවා.

සේවයකන් 250ට වැඩි ආයතනවල ළමා සුරැකුම් මධ්‍යයස්ථාන ඉදිකිරීමට පෞද්ගලික ආයතනවලට එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ රැකවරණ සහන ණයක්.

කාන්තා ශ්‍රමබලකාය වැඩිකිරීමට පියවර රැසක්.

ළමා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා මාර්ගෝපදේශ සහ රෙගුලාසි.

විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන් සඳහා ගෙවන රුපියල් 3000 දීමනාව 5000 දක්වා වැඩි කිරීමට රුපියල් මිලියන 4320ක්.

නිධන් ගත වකුගඩු රෝගීන්ට මේ වනවිට රුපිල් 5000ක් දෙනු ලබයි. ඒ අනුව එහි පොරොත්තු ලේඛනය අඩු කිරීමටත් තවත් රෝගීන් 5000කට එම දීමනාව ලබා දීම සඳහා රුපියල් මිලියන 1840ක් වෙන් කිරීමත් සිදුවේ.

සුළු අපරාධ සඳහා වැරැදිකරුවන් වූ කාන්තාවන් අපරාධකරුවන් වීම වැළැක්වීම සඳහා රුපියල් මිලියන 50ක් වියදම් කර දොම්පේ ප්‍රදේශයට පුහුණු ආයතනයක්.

නාගරික පුණර්ජීවන ව්‍යාපෘතිය සහ නිවාස ගම්මාන නිවාස ව්‍යාපෘතිය වෙනුවෙන් 2019 වසර සඳහා රුපියල් මිලියන 24,500ක් වෙන් කෙරේ.

උතුරු නැගෙනහිර ගඩොල් නිවාස 15,000ක් ඉදිකිරීමට රුපියල් මිලියන 5,500ක්.

අලුතින් විවාහන වන තරුණ ජෝඩුවලට වසර 25කදී ගෙවිය හැකි වන පරිදි සියයට 6ක පොලී අනුපාතිකයක් යටතේ රුපියල් මිලියන 10ක ‘හෝම් ස්වීට් හෝම්’ ණය යෝජනා ක්‍රමයක්.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි විදේශයන්හි සේවය කර පැමිණෙන පුද්ගලයන්ට ‘සිහින මාළිගා’ නමින් වසර 15කින් ගෙවා නිමකළ හැකි රුපියල් මිලියන 10ක ණය ක්‍රමයක්.

ගෝලීය වෙළෙඳ පොළට ප්‍රවේශ වීම – අපනයනය

අපනයන වෙළෙඳ පොළට පිවිසීමේ වැඩසටහනක් සඳහා රුපියල් මිලියන 400ක්.

ජාතික අපනයන ක්‍රමෝපාය සඳහා රුපියල් මිලියන 250ක්.

ආනයනික නිෂ්පාදන ඇතුළු සියලුම නිෂ්පාදනවල ගුණාත්මක ප්‍රමිතිය ඇති කිරීමට පියවර.

පෞද්ගලික අංශය සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව දේශීය ආදායම් පනතට සංශෝධනයක්.

අපනයන ප්‍රවර්ධනය උදෙසා බිංගිරිය සහ වගවත්ත කර්මාන්තපුර සඳහා අවශ්‍ය පහසුකම් දියුණු කිරීමට රුපියල් මිලියන 500ක්.

කර්මාන්ත සංවර්ධන මණ්ඩලය යටතේ කන්කසන්තුරය, මාන්තායි, පරන්තන්, කොන්ඩාච්චි, කින්නියා, සමන්තුරේ සහ ත්‍රීමලේ කර්මාන්තපුර සඳහා රුපියල් මිලියන 1000ක්.

රට තුළට නීතිවිරෝධී භාණ්ඩ රැගෙන ඒම සහ මත්ද්‍රව්‍ය වෙළෙඳාම තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුවේ සමුද්‍රීය ඒකකය ප්‍රතිස්ඨාපනය කිරීමට රුපියල් මිලියන 250ක්.

මුදල් අමාත්‍යංශයට ආදායම් බුද්ධි ඒකකයක්.

මැණික් කැපීම හා ඔප දැමීමේ යන්ත්‍ර ආනයන සඳහා වරාය හා ගුවන්තොටුපොළ බදු අඩු කෙරේ.

හෝටල් නවීකරණය සඳහා අවශ්‍ය වන තෝරාගත් අයිතම කිහිපයක් සඳහා වන සෙස් බද්ද අඩු කෙරේ.

2020 අප්‍රේල් 01 වැනිදායින් පසු අන්තර්ජාලය ඔස්සේ කාමර වෙන්කළ හැක්කේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියංපදිංචි කාමර 05කට වඩා වැඩි හොටල් පමණි.

ගෝ කාර්ට් තරඟ පැවැත්වීමට පෞද්ගලික අංශය දිරිමත් කෙරේ.

ගෝ කාර්ට් හා ටයර් මත පනවා ඇති රේගු බදු සහ සෙස් බදු ඉවත් කෙරේ.

දැනුම මඟින මෙහෙයවනු ලබන කුසලතා පූර්ණ සමාජයක්

වසර 13ක අධ්‍යාපනය තහවරු කිරීම සඳහා අවශ්‍ය විද්‍යාගාර, ගුරු නිවාස ආදිය දියුණු කිරීම සඳහා රුපියල් මිලියන 32000ක්.

ගුරුවරුන්ගේ අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය සඳහා තාක්ෂණය යොදාගැනීමට රුපියල් මිලියන 100ක්.

උසස් පෙළ ඉහළින්ම සමත්වන සිසුන් සඳහා හාවර්ඩ්, ඔක්ස්ෆර්ඩ්, කේන්බ්‍රිජ්, එම්.අයි.ටී ආදී විදේශ විශ්වවිද්‍යාල සඳහා යෑමට රජයෙන් ශිෂ්‍යත්ව. මෙහි පළමු අවස්ථාව ලෙස 2019 අගෝස්තු මස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත ආරම්භ කෙරේ. මේ සඳහා රුපියල් මිලියන 500ක්.

රජයේ ලියාපදිංචි පෙරපාසැල් ඇති කිරීමට සියයට 50ක පොලී සහනාධාරයක් යටතේ සහන ණය.

රුහුණු විශ්වවිද්‍යාලයට සම සෞඛ්‍ය පීඨයක්.

ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ පිළිකා, දියවැඩියා සහ ආසාධිත රෝග සම්බන්ධ පර්යේෂණ ඒකකයක් සඳහා රුපියල් මිලියන 600ක්.

උසස් පෙළ විභාගය සමත්ව විශ්වවිද්‍යාල සඳහා ප්‍රවේශය අහිමිවන සිසුන්ට පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහා යෑමට My Future නමින් රුපියල් මිලියනයක පොලී රහිත ණය සහනයක්.

රැකියාවට කුසලතාවක්

දෙමළ මාධ්‍ය ගුරුවරු පුහුණු කිරීම සඳහා රුපියල් මිලියන 400ක්.

ඉදිකිරීම් කර්මාන්තය සඳහා අවශ්‍ය ශ්‍රමිකයන් පුහුණු කිරීමට රුපියල් මිලියන 300ක්.

පෞද්ගලික අංශයේ හෙද පුහුණුව ලබන අයෙකුට වසර දෙකක් දක්වා මසකට රුපියල් 10,000 බැගින් දීමනාවක්.

කෘෂිකර්ම, සත්ත්ව පාලනය, විසිතුරු මසුන් වගාව, ඩෝසර් භාවිතය ආදිය පුහුණු කිරීම සඳහා නොමිලේ යුද හමුදාවේ දායකත්වය ලබා දීමටත් NVQ සහතික පත්‍රයක් නිකුත් කිරීමට කටයුතු කිරීම සඳහා රුපියල් මිලියන 100ක්.

ක්‍රීඩාවලින් ඉදිරියට යන තරුණ තරුණියන් සඳහා යුද හමුදාවෙන් නොමිලේ පුහුණුව.

සෞඛ්‍ය සම්පන්න සමාජයක්

ප්‍රාථමික සුව සත්කාර ඒකක ශක්තිමත් කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීමටත් අවදානම් තත්ත්වයේ සිටින රෝගීන්ගේ පසු විපරම් කටයුතු සඳහා රුපියල් මිලියන 1625ක්.

සුවසැරිය ගිලන් රථ සේවය සඳහා අවශ්‍ය නැවතුම් ස්ථාන ඉදිකිරීමට රුපියල් මිලියන 200ක්.

නිදන්ගත වකුගඩු රෝග පවතින දිස්ත්‍රික්කවලට ජල පෙරණ යන්ත්‍ර සහ රුධිර කාන්දුකරණ මධ්‍යස්ථාන ඇති කිරීම සඳහා රුපියල් මිලියන 500ක්.

ක්‍රීඩා ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා රුපියල් මිලියන 3,800ක්.

අයාලේ යන සුනඛයන් වන්ධකරණය කිරීම සඳහා රුපියල් මිලියන 100ක්.

මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගනය සහ කොලොන්නාවේ ක්‍රීඩාංගනයක් සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 300ක්.

සිත් ඇඳ ගන්නා අපේ නගර

නාගරික පුනර්ජීවන වැඩසටහන යටතේ නිවාස ඒකක 5000ක් ඉදිකිරීමට රුපියල් මිලියන 8000ක්.

පළාත් 09 ආවරණය වන පරිදි ක්‍රියාත්මක සුඛිත පුරවර වැඩසටහන සඳහා තවත් රුපියල් මිලියන 2000ක්.

බේරේ වැව පිරිසිදු කිරීම සඳහා රුපියල් මිලියන 800ක්.

කොළඹ නගරයේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා රුපියල් මිලියන 7,600ක්.

කොළඹ ගංවතුර කළමනාකරණයට රුපියල් මිලියන 10,900ක්.

යාපනයේ පැරණි නගර ශාලාව යළි ඉදිකිරීමට රුපියල් මිලියන 700ක්.

මහනුවර උරුමයන් ආරක්ෂා කිරීම සඳහා රුපියල් මිලියන 900ක්.

බෝගම්බර සිරගෙදර පොදු ස්ථානයක් බවට පත් කිරීම සඳහා රුපියල් මිලියන 750ක්.

කල්මුනේ, වාලච්චේන, තලෛමන්නාරම සහ සමන්තුරේ නගර සංවර්ධනයට රුපියල් මිලියන 1000ක්.

පානීය ජන අවශ්‍යතාවය සපුරාලීම සඳහා සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි රුපියල් මිලියන 45,000ක් වටිනා පානීය ජල නල ව්‍යාපෘතියක්.

සියලු බස් ගමනාගමන කටයුතු ජාලගත කිරීම සඳහා රුපියල් මිලියන 1300ක්.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් වෙනුවෙන් හදුන්වාදෙන බස්රථ සඳහා රුපියල් මිලියන 1500ක්.

විදුලියෙන් ක්‍රියාකරන ත්‍රීරෝද රථ සහ කුඩා කාර් සඳහා ආධාර.

දුම්රිය සේවය දියුණු කිරීම සඳහා මාර්ග 4ක දුම්රිය මැදිරි කල්බදු ක්‍රමය යටතේ පෞද්ගලික අංශයට ලබාදීමට පියවර.

මාළඹේ කොටුව සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 5000ක්.

ග්‍රාමීය මාර්ග ඉදිකිරීම සහ සංවර්ධනය සඳහා රුපියල් මිලියන 10,000ක්.

රාජ්‍ය අංශයේ සේවා සම්පාදනය

රජයේ සේවක වැටුප් වැඩිකිරීම සඳහා රුපියල් බිලියන 40ක්.

ජූලි මස පළමුවැනිදා සිට රජයේ සේවයන්ට රුපියල් 2500ක අමතර දීමනාවක්.

2016 ජනවාරි මාසයට පෙර සහ පසු විශ්‍රාම ගිය පිරිසේ විශ්‍රාම වැටුප් වෙනසේ ගැටලුව නිරාකරණය කිරීමටත් ඒ සඳහා තවත් රුපියල් මිලියන 12,000ක් වෙන් කරන අතර මේ හරහා විශ්‍රාමිකයන් 585,000කට ප්‍රතිලාභ සැලසේ.

හමුදා සාමාජිකයන්ගේ කමාන්ඩෝ දීමනාව, නිල ඇඳුම් දීමනාව, ගෙවල්කුලී දීමනාව, යහපත් පැවැත්මේ දීමනාව ජූලි 1 වැනිදා සිට වැඩිකෙරේ.

රාජ්‍ය අංශයේ ඵලදායීතාව ඉහළ නැංවීමට රුපියල් මිලියන 400ක්.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ශක්තිමත් කිරීමට රුපියල් මිලියන 100ක්.

රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීමට රුපියල් මිලියන 800ක්.

ස්මාර්ට් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය හරහා තරුණ ප්‍රජාව සවිබල ගැන්වීමට රුපියල් මිලියන 500ක්.

සමාජ ආරක්ෂණ ජාලය

සමෘද්ධි ව්‍යාපෘතිය ප්‍රතිසංවිධානය කරමින් තවත් ලක්ෂ 6කට මෙම ප්‍රතිලාභ ලබාදීමේ අරමුණින් රුපියල් මිලියන 10,000ක් වෙන් කෙරේ.

සමෘද්ධි ඉතුරුම්වලින් රුපියල් 30,000ක් දක්වා ලාබ ගැනීමේ අවස්ථාව.

ජාතික විශ්‍රාම සැලසුමක් හඳුන්වාදීමට පියවර.

පවිත්‍ර, හරිත හා තිරසාර පරිසරයක්

හරිත උද්‍යාන වැඩපිළිවෙළ පුළුල් කෙරේ.

නිල්වලා එළිය ආදර්ශ උද්‍යාන සහ මෙගාසෝන් කටයුතු සඳහා රුපියල් මිලියන 1000ක්.

වෙරළ තීරයේ කඩොලාන නැවත වගා කිරීම පිණිස රුපියල් මිලියන 50ක්.

ආපදාවට ලක්වූ නිවාස පුනරුත්ථාපනය කිරීමට රුපියල් මිලියන 2000ක්.

ස්වාභාවික ආපදා රක්ෂණය ශක්තිමත් කිරීම සඳහා රුපියල් මිලියන 1,000ක්.

ගම්පෙරළිය සහ අනෙකුත් සංවර්ධන යෝජනා ක්‍රම හා වියලි කලාප සංවර්ධන වැඩපිළිවෙලට රුපියල් මිලියන 250ක්.

භාවිතයට උචිත ප්ලාස්ටික් භාණ්ඩ ආනයනය සහ නිෂ්පාදනය කරන ආයතන සැප්තැම්බර් 01 වැනිදාට ප්‍රථම ලියාපදිංචිය අනිවාර්ය වේ.

කලාව සංස්කෘතිය සහ ආගම

සැහැල්ල දුම්රිය ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 5,000ක්.

ආගමික ස්ථාන සඳහා සූර්ය බලශක්ති ව්‍යාපෘතියක්.

මඩු පල්ලිය වැඩිදියුණු කිරීමට රුපියල් මිලියන 200ක් වෙන් කෙරේ.

ජෝන් ද සිල්වා රඟහලේ නවීන උපකරණ සවිකිරීමට රුපියල් මිලියන700ක්.

ජාතික කලාභවන නවීකරණය කිරීමට රුපියල් මිලියන 100ක්

ආර්ථික සවිබල ගැන්වීමෙන් සහජීවනය ළඟා කර ගැනීම

හානි පූර්ණ කාර්යාලයේ වැඩ 2019 වසරේ ආරම්භ කිරීමට කටයුතු කරනවා.

ජාතික සංහිඳියා යාන්ත්‍රණය පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය සඳහා රුපියල් මිලියන 200ක්.

2018 වසරේ ග්‍රාමීය මට්ටමින් කුඩා කර්මාන්ත 50ක් ඇති කිරීමට සහ තවත් කුඩා කර්මාන්ත ව්‍යාපෘති 50ක් ඇති කිරීමට අවධානය.

සමූපකාර සමිති හරහා ණය ලබා දීමට රුපියල් මිලියන 250ක්.

කර්මාන්තයක් ලෙස රා බෝතල් කිරීමට සහ හකුරු නිෂ්පාදයට රුපියල් මිලියන 100ක්.

උතුරු පළාතේ ආර්ථික මධ්‍යස්ථාන 10ක් පිහිටුවීමට රුපියල් මිලියන 100ක්.

ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගත් නියඟයෙන් පීඩාවට පත්වූවන්ට ණය සහන.

ආදායම්

දුම්වැටි නිෂ්පාදන බදු සංශෝධනය කරමින් ජාතිය ගොඩනැගීමේ බද්ද යටතේ සිගරට් නිෂ්පාදනය වැඩිවේ.

මාර්තු 06 වැනිදා සිට සුඛෝපභෝගී වාහන ආනයන බදු සංශෝධනය වේ.

වාහන ආනයනය සඳහා පනවා ඇති සියයට 200ක මුදල් තැම්පතුව ඉවත් කෙරේ.

බීඩි කොළ ආයනය මත පනවා ඇති සෙස් බද්ද වැඩි කෙරේ.

බීඩියක මිල සත පනහකින් පමණ වැඩි වේ.

පුද්ගලයකු සඳහා නැව් නැගීමේ හා ගුවන් ගත වීමේ ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 10ක් ලෙස ලෙස සංශෝධනය කෙරේ.

දේශීය මත්පැන් සඳහා ගාස්තුව මාර්තු 06 සිට සංශෝධනය කෙරේ.

ගල් අරක්කු මිල වෙනස් නොකෙරේ.

2019 අප්‍රේල් 01 වැනිදා සිට කාර්ය බහුල වේලාවේ අධිවේගී මාර්ග ගාස්තුව රුපියල් 100 කින් වැඩි වේ.

කැසිනෝ වාර්ෂික බලපත්‍ර ගාස්තුව රුපියල් මිලියන 200 සිට 400 දක්වා වැඩි කෙරේ.

කැසිනෝ සඳහා ඇතුළුත් මේ ගාස්තුව ඩොලර් 50 දක්වා වැඩි කෙරේ.

තෝරාගත් ආනයනික භාණ්ඩ වෙනුවෙන් ආර්ථික සේවා බද්ධ සංශෝධයට අවධානය.

පළතුරු බීම, මත්පැන් සහ දුම්කොළ ඇතුළු නිෂ්පාදන සඳහා ඒකක මත පදනම්ව රේගු ආනයන බදු මාර්තු 06 සිට සංශෝධනයට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *