ජනපති පොලීසියේ දුක් ගැනවිලි සොයයි

(කොළඹ, ලංකාපුවත්) – බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය වෙත ඊයේ (05) දහවල් ගිය ජනාධිපතිතුමා එහි මහජන දිනයට එක්වෙමින් දුක් ගැනවිලි ඉදිරිපත් කිරීම සඳහා පැමිණ සිටි පොලිස් නිලධාරින් හමු විය.

උසස්වීම්, ස්ථාන මාරුවීම් ඇතුළු සිය ගැටලු ඉදිරිපත් කිරීම සඳහා පොලීසියේ පහළ ශ්‍රේණිවල නිලධාරින් අමාත්‍යාංශය වෙත පැමිණ සිටි අතර, ඔවුන් සමග සුහද කථා බහක නිරත වූ ජනාධිපතිතුමා එම දුක්ගැනවිලිවලට ඇහුම්කන් දුන්නේ ය.

අනතුරුව කාර්ය මණ්ඩලය සමග හමුවකට එක් වූ ජනාධිපතිතුමා, උපදෙස් දුන්නේ පොලිස් සේවයේ සියලු නිලධාරින්ට තෘප්තිමත් මනසකින් යුතුව සිය රාජකාරි ඉටුකිරීමට අවස්ථාව සලසා දෙමින් ඔවුන්ගේ සියලු ගැටලුවලට විසඳුම් ලබාදීමට පියවරෙන් පියවර කටයුතු කළයුතු බවයි.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen − 2 =