නෝර්වේ නියෝජිතවරිය උතුරේ සංචාරයක

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනට පැමිණ සිටින නොර්වේ රාජ්‍යයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය මේරිඈන් හාගන් (Marianne Hagen – State Secretary of Foreign Affairs) මහත්මිය අද(06) යාපනයේ සංචාරයක නිරත වීමට නියමිතය.

එහිදී ඇය බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්යය පිළිබඳව නිරීක්ෂණය කිරීමට සුදානම් බව ශ්‍රී ලංකාවේ නෝර්වේ තනාපති කාර්යාලය පැවසීය.

මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩපිළිවෙළ සඳහා නෝර්වේ රාජ්‍ය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 7ක මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට ද ය එකඟ වී තිබේ.

මේ අතර නොර්වේ රාජ්‍යයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය මේරිඈන් හාගන් මහත්මිය ඇතුළු දූත පිරිස ඊයේ(05) අරලියගහ මන්දිරයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය.

එම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා ද එක්ව සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × 5 =