රත්ගම ඝාතනයට පොලීසියේ තවත් 02ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – රත්ගම බූස්ස ප්‍රදේශයේදී ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඊයේ(05) මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දකුණු පළාත් විශේෂ විමර්ශණ ඒකකයට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරික්ෂකවරයෙකු හා පොලිස් කොස්තාපල්වරයෙකි.

ඒ අනුව අත්අඩගුවට ගත් එම පොලිස් නිලධාරීන් දෙදෙනා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මේ අතර ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මේ වන විට පොලිස් නිලධාරීන් 06 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *