ඉම්රාන් තභීර් ජාත්‍යන්තර පිටියෙන් සමුගනී

(කොළඹ, ලංකාපුවත්) –දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන ක්‍රීඩක ඉම්රාන් තභීර් ලෝක කුසලාන තරගාවලියෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර තිබේ.

නවක පන්දු යවන්නන්ට ද අවස්ථාවක් ලබාදීම සඳහා තමන් මෙම තීරණය ගත් බව, විදෙස් මාධ්‍ය වෙත තහීර් සදහන් කර ඇත.

එහෙත් තමන් 20-20 පිටියේ රැඳී සිටින බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. එක්දින තරඟ 95කට සහභාගීව ඇති තහීර් දවාගෙන ඇති කඩුළු සංඛ්‍යාව 156කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *