නව අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් දිවුරුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) – නව අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස මහාධිකරණ විනිසුරු බන්දුල කරුණාරත්න මහතා අද (06) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

මේ අතර වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු දීපාලි විෙජ්සුන්දර මහත්මිය ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා ය.

දිවුරුම් දීම ජනාධිපති නිල නිවසේ දී සිදු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *