මත්ද්‍රව්‍ය වැටලීමට අධිතාක්ෂණ උපකරණ භාවිතයට සූදානම්

(කොළඹ, ලංකාපුවත්) –මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා අවශ්‍යවන ලෝකයේ භාවිත කරන හොඳම අධි තාක්ෂණික උපකරණ භාවිතය ඉදිරි මාස දෙක ඇතුළත අරඹන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

ජනාධිපතිතුමා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර හමුවක් අද (06) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි. එහි දී ජනාධිපතිතුමා මේ බව කියා සිටියේය.

පසුගිය කාලයේ දී පොලීසිය භාරව සිටි අමාත්‍යවරුන් පොලීසිය දෙස බැලුවේ දේශපාලන කෝණයකින් බවත් එය වෙනස් කිරීමට ක්‍රියාකරන බවත් ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය. අයවැය විවේචනය කරන පාර්ශව පදනම් විරහිතව එය සිදුනොකර රටට සුදුසු විකල්ප අයවැය යෝජනා ගෙන එන ලෙස ද ජනාධිපතිවරයා මෙහි දී පැවසීය. රටට සැබෑ ලෙස ආදරය කරන දේශපාලඥයන් හා නායකයන්, රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මේ මොහොතේ එකට එක්විය යුතු බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීමට යුනෙස්කෝ වෙත ශ්‍රී ලංකාව සිදුකරන යෝජනාව ස්ථීර කිරීමට ඉන්දියාවේ සහය ලබාගැනීමට බලාපොරොත්තු වන බව ද මාධ්‍ය හමුව අමතමින් ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *