රජයේ නොමිලේ වයි – ෆයි ප්‍රදේශ 1176ක් ආවරණය කරයි

(කොළඹ, ලංකාපුවත්) –සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවට වයි-ෆයි පහසුකම් නොමිලයේ ලබා දීමට රජය විසින් ලබා දුන් පොරොන්දුව යටතේ වර්තමානය වන විට දුරකතන සේවා සපයන්නන්ගේ සහයෝගය ද ඇතිව ප්‍රදේශ 1176ක් ආවරණය වන පරිදිමෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය සදහන් කරයි.

මේ සඳහා පහසුකම් සැලසීම,සම්බන්ධීකරණය කිරීම හා අධීක්ෂණයකිරීමයන ක්‍රමවේදයන්තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය(ICTA) මඟින්සිදු කරයි.

දුම්රිය ස්ථාන, බස් නැවතුම්පළවල් , පුස්තකාල සහ වෙනත් ප්‍රසිද්ධ ස්ථාන ඇතුළු දිවයින පුරා තෝරාගත් පොදු ස්ථානවලදී මෙම පහසුකම ලබා ගැනීමට මහජනතාවට හැකියාවක් පවතී. ඒ අනුව, මේ සඳහා පිවිසෙන ඕනෑම පුද්ගලයෙකුට මෙගාබයිට් 100ක දත්ත ප්‍රමාණයක් මසකට ලබා ගත හැකි අතර වරක් මෙයට පිවිසුණු පසු මෙම පහසුකම තමන්ට අවැසි ඕනෑම අවස්ථාවකදී ලබා ගත හැකිය.

2019 වර්ෂයේ පෙබරවාරි මස වන විට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ(ICTA) සංඛ්‍යා ලේඛනවලට අනුව ප්‍රදේශ 1176ක් ආවරණය වන පරිදි 455741ක පරිශීලකයන් ප්‍රමාණයක් අන්තර්ජාලයට පිවිසීම සඳහා මෙම වයි ෆයි පහසුකම භාවිතා කර ඇත.

ඒ අනුව , 2016 ඔක්තෝබර් 28 දින සිට දත්ත පරිභෝජනය ගිගා බයිට් 79280 දක්වා වර්ධනය වී ඇති බව වාර්තාවේ. මෑතකදී සිදු කරන ලද සාකච්ඡාවකින් අනතුරුව මෙම තොරතුරු අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය මඟින් නිකුත් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *