රූකාන්ත පළමු රාජකාරිය අරඹයි

(කොළඹ, ලංකාපුවත්) –”මම ඔබට ශක්තියක් වෙනවා වගේම, ඔබ මට ශක්තියක් අපි ජයග්‍රහණය කරලා ඔබට, රටට, දරුවන්ට වෙනුවෙන් වැඩ කරමු. අපි එකතුවෙලා ගමනක් යමු.” රූකාන්ත ගුණතිලක මහතා මෙලෙස අදහස් දක්වනු ලැබුවේ ඊයේ (05) අලව්ව, පහල වළකුඹුර ප්‍රදේශයේදී ඒ මහතාගේ පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.

එක්සත් ජාතික පක්ෂයේ දඹදෙණිය ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස පත්වීමෙන් අනතුරුව සිය නිල රාජකාරි ආරම්භ කිරීම මෙහිදී සිදු විය.

ඒ අනුව බෞද්ධාගමික වතාවත්වලට මුල්තැන ලබාදෙමින් පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ උත්සව අවස්ථාව ආරම්භ වූ අතර ඊට සමගාමීව ඒ මහතාගේ දේශපාලන කටයුතුවලට අදාළ සමාජ මාධ්‍ය මුහුනුපොත් පිටුව ජනගත කිරීමද සිදු විය.

අනතුරුව සිය පළමු රාජකාරිය ලෙස දඹදෙණිය ආසනයේ පිහිටි අඩු පහසුකම් සහිත ප්‍රාදේශීය රෝහලක් වන අලව්ව ප්‍රාදේශීය රෝහල සඳහා ගිලන් රථයක් ලබාගැනීම සඳහා සෞඛ්‍ය අමත්ය්තුමට යොමුකරනු ලැබූ ලිපියකට අත්සන් කිරීමද සිදු විය. අනතුරුව ජන හමුව ආරම්භ විය,

එහිදී අදහස් දැක්වූ රූකාන්ත ගුණතිලක මහතා,

“මේ රට හැමදාම දියුණු වෙමින් පවතින රටක් විදියට හැඳින්වුවත් අපේ රට සැබෑ ලෙසම දියුණු කරන්න පුළුවන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් අපිට ඒ ගමන යන්න පුළුවන්. රට දියුණුකරන අතරතුර ගම දියුණුකරන වැඩපිළිවෙලත් දැන් ආරම්භ වෙලයි තියෙන්නේ. අපේ දඹදෙණිය ආසනයේ නාරම්මල සහ අලව්ව යන ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ මුලික කරගනිමින් සිදුකරනු ලබන සංවර්ධනයට අපිට අපේ පක්ෂයෙත් ආණ්ඩුවේත් සහයෝගය ලබාගත හැකියි. අපි අපේ ආසනය දියුණු කරලා ආදර්ශවත් වෙමු.

මට මගේ ජිවිතේ ගොඩක් ප්‍රශ්න ආවා.සංගීත රටාව වෙනස් කරනකොට මට දරුණු ප්‍රහාර ආවා. ඒ නිසා මට ලැබෙන්න තිබුණු දේවල් පවා ගොඩක් නැතිකරන්න එවකට සංගීත අධ්‍යක්ෂවරු කටයුතු කළා. මොකද ඒ වනවිට මම සංගීත අධ්‍යක්ෂවරයෙන්. වෙන්න මගේ අදහසක් තිබුනේ නැහැ. නමුත් පස්සේ මම ගයන කටයුතු සඳහා පැමිණියා. මගේ පළමු කැසට් පටය විකුනන්න ගියහම ඉතා අඩු මුදලට ගැනීමට තමයි ඔවුන් කටයුතු කලේ. එක අයෙක් කිව්වා රුපියල් දෙදහස් පන්සියයක් දෙන්නම් කියල, තව තැනකින් කිව්වා රුපියල් පන්දහසක් දෙන්නම් දැනට ඒකෙ අත්තිකාරම් විදියට රුපියල් දෙදහසක් දෙන්නම් පස්සේ රට ගිහින් ආවහම ඉතිරි තුන්දහස දෙන්නම් කියල කිව්වා. ඒ කාලේ රුපියල් පහළොස්දහසට විකුනන්න හැදුවේ මගේ සින්දු දොළහ. ඒ කාලේ කවුරුත් ගත්තේ නැහැ ඒ ගානට, ඉතින් මම ඒක විකුනන්නේ නැතිව හිටියා. ඔය විදියට මට සංගීත ක්ෂේත්‍රයට පැමිණීමේදී නොයෙකුත් බාධක පැමිණියා. නමුත් පසු කාලීනව මගේ ගීත තුලින් ජනතාව මාව වැළඳගනු ලැබුවා.ඒ විදියට තමයි මම මගේ සංගීත ගමන ආරම්භ කලේ.

පසුව මගේ බිරිඳ වන චන්ද්‍රලේඛා මහත්මියගේ අලව්ව මේ ගමට පැමිනෙනකොට බොහෝ දේවල් දැක්කා. මිනිසුන්නේ ජිවන තත්වය මම දැක්කා. මම මනුෂ්‍යා කියන සතාට ආදරෙයි. මමත් අන්න ඒ සතෙක් තමයි. සතා කිව්වට මුකුත් හිතන්න එපා , සත්තු හරි අහිංසකයි. අපි අතර ගොඩනැගිල තියෙන අන්න ඒ ආදරෙත් එක්ක අපිට ගොඩාක් දේවල් කරන්න පුළුවන්. අපි දඹදෙණිය සංවර්ධනය වෙනුවෙන් එකතුවෙලා වැඩකරමු.මම ඒ දේ වෙනුවෙන් ඔබලා සමඟ ඉන්නවා.”
යනුවෙන් රූකාන්ත ගුණතිලක මහතා එහිදී අදහස් දැක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *