හැකි තරම් ජලය පානය කරන්නැයි උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – සුළගේ පවතින අයහපත් ක්‍රියාකාරීත්වය හේතුවෙන් ශරීරයේ පවතින උණුසුම යම් ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව, සොඛ්‍ය බලධාරීන් පෙන්වා දෙයි.

හැකි තරම් ජලය පානය කිරීමෙන් මෙම තත්වය පාලනය කර ගත හැකි වේ. එමෙන්ම ඉදිරි මාස දෙක තුළදී අධික උෂ්ණත්වය දැනෙන අවස්ථාවල එළිමහනේ ගමන් කිරීමේදී ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කළ යුතුයැයි දැනුම් දීමක් කරනු ලැබේ.

මීට අමතරව හිරු එළියට නිරාවරණය වන ආකාරයට නවතා තිබෙන වාහනවල දීර්ඝ කාලයක් රැඳී නොසිටින ලෙසත්, කුඩා දරුවන් වාහන තුළ රඳවා යෑමෙන් වළකින ලෙසත් බලධාරීන් දැනුම් දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *