ඇමති රිෂාඩ් වව්නියාව සතොසේ හදිසි නිරීක්ෂණයක

(කොළඹ, ලංකාපුවත්) – වව්නියාව නගරයේ ලංකා සතොස සුපිරි වෙළෙඳසැළ පරීක්ෂා කිරීම සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඊයේ (06) පෙරවරුවේ පූර්ව දැනුම් දීමකින් තොරව එහි ගියේය.

එහිදී අමාත්‍යවරයා ලංකා සතොස වෙත පැමිණ සිටි පාරිභෝගික ජනතාව සමග සුහද පිලිසඳරක නිරතවිය.

එම වෙළඳසැලෙහි කාර්යය මණ්ඩලයේ ගැටලු හා අවශ්‍යතා සොයා බැලීමටද ඇමතිවරයා කටයුතු කරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *