දිවයිනේ පළාත් කිහිපයකට දැඩි උණුසුම

(කොළඹ, ලංකාපුවත්) –දිවයිනේ පළාත් කිහිපයකට අද (07) දිනය තුළ උණුසුම් කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ උතුර, උතුරු මැද, නැගෙනහිර යන පළාත්වල සහ පුත්තලම දිස්ත්‍රික්කයේ බොහෝ ස්ථානයන්හි අද වැඩි අවධානයක් යොමු කළ යුතු මට්ටමේ උණුසුම් කාලගුණ තත්වයක් ඇතිවිය හැකි බවය.

ඒ සම්බන්ධයෙන් ජනතාව විශේෂ අවධානය යොමු කළයුතු වේ.

ඒ අනූව, වැඩබිම් පරිශ්‍රයන්හිදී ප්‍රමාණවත් ලෙස ජලය පානය කළයුතුයි. නිවෙස් තුල දී වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් පිළිබඳ සැළකිලිමත් විය යුතු අතර, කුඩා ළමයින් වාහන තුල තනියම රඳවා නොයන ලෙස උපදෙස් දී තිබේ.

එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත්, විවේකය සඳහා හැකිතාක් සෙවස ඇති ස්ථාන තෝරා ගන්නා ලෙසත් ඉල්ලීමක් කෙරේ.

ඌව පළාතේ සහ රත්නපුර, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල අද සවස 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen + 4 =