ජනාධිපති පරීක්ෂණ කොමිසමට පැමිණිලි භාර ගන්නා කාලය දීර්ඝ කරයි

(කොළඹ, ලංකාපුවත්) –2015 ජනවාරී සිට 2018 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ සහ වංචා සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ පැමිණිලි ලබා ගැනීමේ කාලය දීර්ඝ කර තිබේ.

එම කොමිසමට පැමිණිලි ලබා ගැනීම සඳහා ලබාදී තිබූ කාලය අද (07) පස්වරු 5.00න් අවසන් වීමට නියමිතව තිබුණි. ඒ අනුව පැමිණිලි භාර ගැනීමේ කාලය මාර්තු 14 වැනිදා දක්වා දීර්ඝ කර ඇති බව වාර්තා වේ.

මේ දක්වා කාලය තුළ එම කොමිසම වෙත පැමිණිලි 412ක් ලැබී තිබේ. ඒ අතරින් පැමිණිලි 150ක් පරීක්ෂා කර ඉන් පැමිණිලි 15ක් මූලික විමර්ශන කටයුතු සඳහා යොමුකර ඇති බව වාර්තා වේ.

ඒ අනුව කොමිසන් සභාවට අනුයුක්ත පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් එම පැමිණිලි 15 සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරනු ඇත. හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න සභාපතීත්වය දරණ මෙම කොමිසමට තවත් සාමාජිකයින් 03 දෙනෙකු ඇතුළත්ය. ඒ, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන, හිටපු නියෝජ්‍ය පොලිස්පති විජය අමරසිංහ සහ විශ‍්‍රාමික අමාත්‍යංශ ලේකම් ලලිත් ආර් ද සිල්වා යන අයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *