ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් රාජකාරි අරඹයි

(කොළඹ, ලංකාපුවත්) – ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ සුනිල් සමරවීර මහතා අද(08) පෙරවරුවේ අමාත්‍යාංශයේ දී රාජකාරි ආරම්භ කළේ ය.

මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්(පාලන) රමණි ගුණවර්ධන මහත්මිය හා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා ඇතුළු අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල ප්‍රධානීන් සහ අමාත්‍යංශයේ උසස් නිලධාරීන් සහභාගී වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *