මරිනි ද ලිවේරා ‘ලොව දිරිය කතුන්‘ අතරට එක්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකානු රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව සකසන 2019 වසරේ ජාත්‍යන්තර දිරිය කාන්තාවන් දස දෙනාට අතරට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ හිටපු සභාපතිනියක හා ප‍්‍රකට නීතිඥවරියක වන නීතිඥ මරිනි ද ලිවේරා මහත්මිය තේරී පත්ව තිබේ.

අමෙරිකා ජනපති ආර්යාව වන මෙලානියා ට්‍රම්ප් මහත්මිය අතින් අද (08) දින වොෂින්ටන් නුවරදී මරිනි ද ලිවේරා මහත්මිය ඇතුළු මෙම දිරිය කාන්තාවන් 10දෙනා සම්මාන ලැබීම සිදු විය.

නීති උපාධිධාරිනියක හා නීතිඥවරියක වන මරිනි ද ලිවේරා මහත්මිය ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය, ජාත්‍යන්තර අපරාධ නීතිය, ව්‍යවස්ථාදායක නීතිය ආදී විෂයන් සම්බන්ධයෙන් එක්සත් රාජධානිය, ශ්‍රී ලංකාව සහ සීෂෙල්ස් රාජ්‍යයන් වෙත සිය සේවය ලබා දී ඇත.

2017 වසරේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඇය ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ධුරයට පත් කළ අතර පසුව ඇය එම ධුරයෙන් විශ්‍රාම ගනු ලැබුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *