ඉන්දීය මහ මැතිවරණයට දින නියම වෙයි

(කොළඹ, ලංකාපුවත්) –අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙවන වරටත් පාලන බලය අපේක්‍ෂා කරන ඉන්දීය මහ මැතිවරණය සදහා දින නියම වී ඇත.

ඒ අනුව ඉන්දීය මහ මැතිවරණය හෙවත් ලෝක් සභා මැතිවරණය අපේ‍්‍රල් මස 11 වනදා සිට අදියර 7 කින් පැවැත්වීමටයි තීරණය කර තිබේ.

මැයි 19 වනදා දක්වා මැතිවරණය පැවැත්වෙනු ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇත. ඉන්දීය ලෝක් සභාවේ ආසන 543 ක් වෙනුවෙන් මැතිවරණය පැවැත්වෙන අතර වත්මන් ලෝක් සභාවේ නිල කාලය ජූනි 3 වනදා අවසන්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seven + five =