ත්‍රිපිටකාභිවන්දනා සතිය තුළ සියළු රාජ්‍ය ආයතන වල ආගමික වැඩසටහන්

(කොළඹ, ලංකාපුවත්) –ත්‍රිපිටකාභිවන්දනා සතියට සමගාමීව සියළු රාජ්‍ය ආයතනවල ආගමික වැඩසටහන් පවත්වන ලෙස දැනුම්දෙමින් චක්‍රලේඛයක් නිකුත් කෙරේ.

එය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත.

ලබන 16 වනදා සිට 23 වනදා දක්වා ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් ත්‍රිපිටකාභිවන්දනා සතිය ප්‍රකාශයට පත් කර ඇති අතර ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ යෝජනාවක් ගෙන ඒමට සිදුකරන කටයුතුවලට සමගාමිව එම සතිය ක්‍රියාත්මක කරයි.

මෙම කාලය තුළ සියළු රාජ්‍ය ආයතනවල ආගමික වැඩසටහන් පැවැත්වීමට කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය අදාළ චක්‍ර ලේඛය නිකුත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *