දකුණු අප්‍රිකාවට ලකුණු 71ක ජයක්

(කොළඹ, ලංකාපුවත්) –සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති තුන්වන එක්දින තරගයේ ජය වාර්තා කරන්නට දකුණු අප්‍රිකානු කණ්ඩායම ඊයේ(10) සමත් විය.

වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ක්‍රිඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 71කින් තරගය ජය ගත්තේය.

ඩර්බන් හිදී පැවති තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව දකුණු අප්‍රිකා කණ්ඩායමට ලබා දුන්නේය. ඒ අනුව ඔවුන් නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 05 ක් දැවී ලකුණු 331 ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිළිතුරු ඉනිමේ 16 වන පන්දුවාර දී තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වන විට ශ්‍රී ලංකා පිළ කඩුලු 02ක් දැවී ලකුණු 75ක් රැස්කරගෙන සිටියේය.

වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරඟය පැය කිහිපයකට නවතා දමන්නට විනිසුරුවන් තීරණය කළේය.

තරගය නැවත ආරම්භ කෙරුණු අතර ඩක්වත් ලුවිස් න්‍යායට අනුව තරඟය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පිළට පන්දුවාර 24ක් තුල ලකුණු 193ක ඉලක්කයක් හිමි විය.

නියමිත පන්දුවාර 24 අවසානයේදී කඩුලු 05ක් දැවී ශ්‍රී ලංකා පිළට රැස්කර ගත හැකි වුයේ ලකුණු 121ක් පමණයි.

ඒ අනුව දකුණු අප්‍රිකානු පිළට ඩක්වත් ලුවිස් න්‍යායට අනුකුලව ලකුණු 71ක ජයක් හිමි කර ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *