බොයිං ගුවන් යානා ගැන ගැටලුකාරී තත්ත්වයක්

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකානු ගුවන් යානා නිෂ්පාදන සමාගමක් වන බෝයිං සමාගම මේ වනවිට ගැටළුකාරී තත්වයකට පත්ව තිබේ.

ඒ, ඔවුන් නිෂ්පාදනය කළ ගුවන් යානා කිහිපයක් මෑත කාලයේ අනතුරට ලක්වීමත් සමගයි.

ඉතියෝපියාවේදී ඊයේ (10) අනතුරට ලක්වූයේ ද බෝයිං වර්ගයේ ගුවන් යානයකි. එහි ගමන්ගත් 157 දෙනාම අනතුරෙන් ජීවිතක්ෂයට පත්විය. ඉතියෝපියානු බලධාරීන් පවසන්නේ මීට මාස 06කට පමණ පෙර මිල දී ගත් ගුවන් යානයක් මෙලෙස අනතුරට පත්ව ඇති බවයි.

මාස 05ක් වැනි කෙටි කාලයක් තුළ බෝයිං වර්ගයේ ගුවන් යානයක් අනතුරට ලක්වූ දෙවන අවස්ථාව මෙය වේ. ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේ දී ද ඉන්දුනීසියාවේ දී බෝයිං වර්ගයේ ගුවන් යානයක් අනතුරට ලක්විය. එහිදී ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 189 දෙනෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *