මත් උවදුර තුරන් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සහාය

(කොළඹ, ලංකාපුවත්) – මත්ද්‍රව්‍ය ඡාවාරම මෙරටින් තුරන් කර මතින් තොර රටක් ගොඩ නැගීමට රජය ගෙන යන වැඩපිළිවෙළට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේද සහ නොමඳව ලබා දීමට කටයුතු යොදන බව නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ටී.එම් .ජයසිරි විජයනාත් තෙන්නකෝන් මහතා කියයි.

එමෙන්ම ‘සිරකරුවෝද මනුෂ්‍යයෝය’ යන්න අරුත් ගන්වමින් බන්ධනාගාර රැඳවියන් යහපත් පුරවැසියන් ලෙස සමාජගත වීමට අවශ්‍ය සෑම පහසුකමක්ම සලසන බවද ඒ මහතා පවසයි.

මේ සියලු කාර්යයන් උසස් ලෙස ඉටු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සෑම නිළධාරියකුටම සේවා පහසුකම් ,උසස්වීම් ලබාදීම ඔවුන්ගේ මූලික අවශ්‍යතා ලබා දීම සිදු කරන බවද තෙන්නකෝන් මහතා අවධාරණය කරයි.

දහතුන් වන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ලෙස අද(11)දින ඒ මහතා වැඩභාරගත් අවස්ථාවේදී පැවැති උත්සවයේදී තෙන්නකෝන් මහතා මේ අදහස් පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *