OIC අනතුරට ලක් කළ ඩිෆෙන්ඩර් රථයේ රියදුරු යළි රිමාන්ඩ්

(කොළඹ, ලංකාපුවත්) –බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කළ බව කියන ඩිෆෙන්ඩර් රථයේ රියදුරු තවදුරටත් ලබන 18වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනී පෙරේරා මහත්මිය නියම කළේය.

එදින මෙම සැකකරු හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා යොමුකිරීමට පියවර ගන්නා ලෙස ද මහෙස්ත්‍රාත්වරිය නියම කරනු ලැබුවේය.

මෙම පැමිණිල්ල අද(11) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී පොලීසිය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කරුණු දක්වමින් අනතුරට ලක්වූ පොලිස් නිලධාරියා මේ වන විට මියගොස් ඇති බැවින් මරණ පරීක්ෂණයක් පැවැත්වීම අවශ්‍ය බව කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × 2 =