පරිගණක තාක්ෂණය”Coding සහ STEM කුසලතා ඔප්නැංවීම හරහා ශ්‍රී ලංකාවේ සිසුවියන්ට වඩා ඵලදායී අනාගතයකට” මයික්රොසොෆ්ට් මඟපෙන්වයි

(කොළඹ, ලංකාපුවත්) – ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින් මයික්‍රොසොෆ්ට් ශ්‍රී ලංකාවේ සිසුවියන් හා තරුණියන්500 දෙනෙකු සහ ඔවුන්ගේ දෙමාපියන් සහ ගුරුවරුන් සදහා එක් දින DigiGirlz වැඩමුළුවක් පැවැත්විය.

මෙම වැඩමුළුව තුළ රැකියා මාර්ගෝපදේශ සැසි, ක්ෂේත්‍රයේ නායකයින්ගෙන් සැදුම්ලත් සාකච්ඡා සහ මයික්‍රොසොෆ්ට් MakeCode හරහා ක්‍රියාත්මක කරන coding ව්‍යාපෘති සදහා සහභාගීවීමේ අවස්ථා යනාදිය ඇතුළත් කර ඇත. මෙම වැඩමුළුව ශ්‍රී ලංකා අගමැති කාර්යාලයේ පැවැත්වූ අතර සිසුවියන්ට මෙන්ම අධ්‍යාපනවේදීන්ට තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවන්ගේ ස්වභාවය පිළිබදව අවබෝධයක් ලබා දියහැකි ආකාරයට නිර්මාණය කරන තිබුණි.

මෙම අරමුණ ඉටුකර ගැනීම සදහා සිසුවියන්ට කාන්තා ආදර්ශ චරිතයන් ගෙනහැර දැක්වීම සහ සැබෑ ලොව අභියෝගයන් විසදීම සදහා අවශ්‍ය STEM කුසළතාවයන් භාවිත කිරීමේ අවස්ථාව ලබාදෙන ක්‍රියාකාරකම් සදහා සිසුදැරියන් යොමුකරන ලදී.

මයික්‍රොසොෆ්ට් ආසියානු පැසිපික් හී සභාපතිඇන්ඩ්‍රියා ඩෙලා මටේයා, අග්නිදිග ආසියානු නව වෙළෙදපොළවල් හී සාමාන්‍යාධිකාරී සූක්හූන් චේහ්, මයික්‍රොසොෆ්ට් ආසියානු සමාගමේ මානව සත්කාර අධ්‍යක්ෂක ඩයනා බයිට්ල සහ මයික්‍රොසොෆ්ට් කලාපීය නායකත්ව කණ්ඩායමේ අනෙකුත් අය තරුණියන්ට නායකත්වය ඉසිලීමට සහ විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරුකරණය සහ ගණිතය (STEM ) යන විෂය ක්ෂේත්‍රයන්හී රැකියාවන්වල නිරතවීමටඋනන්දුකරවීමෙහිලා අරමුණ ඇතිව කණ්ඩායම් වැඩුමුළු මෙහෙයවන ලදි.

ඩෙලා මටේයා සභාව අමතමින් මෙසේපැවසුවා ය. “විශ්වයේ සියලූම පුද්ගලයින් සහ ආයතන සවිබල ගැන්වීම හරහා ඔවුන්ට වඩා ජයග්‍රාහී ගමනක් යාමට මඟසැලසීම මයික්‍රොසොෆ්ට් ආයතනයේ ගෝලීය මෙහෙවරයි. වඩා විවිධත්වයෙන් යුතු පරිසරයක් බිහිකිරීම හරහා මෙම මෙහෙවර ඉටුකිරීමට අප බැඳී සිටිනවා. STEM ක්ෂේත්‍රයන්හී දියුණුව තුළින් පූර්ණ සමාජයක් සහ සෞභාග්‍යමත් රටක් බිහිකිරීම සදහා සිසුවියන් ආකර්ෂණය කර ගැනීම, සංවර්ධනය කිරීම සහ සහායවීම ඉතාමත්වැදගත් ය. “

සමස්ථ ලෝකය දෙස බැලුවිට STEM ක්ෂේත්‍රයේ කාන්තා නියෝජනය පහළමට්ටම කපවතී. ආයතනයට අනුව විද්‍යා පර්යේෂණ සහ සංවර්ධනයේ නියැලෙන අයගෙන් 29% කාන්තාවන් වන අතර මින් 19% වැනි ඉතාමත් සුළු පිරිසක් දකුණු සහ බටහිර ආසියාව නියෝජනය කරන අතර 48% වැනි ඉහළ පිරිසක් මධ්‍යම ආසියාව නියෝජනය කරයි.

නොබෝදා පැවැත්වූ YouGov සමීකරණ වාර්තාවලට අනුව ආසියානු පැසිපික් කලාපයේ ගුරුවරුන්ගෙන් තුනෙන් එකකගේ (32%)මතය වනුයේ ගැහැණු දරුවන් පරිගණක විද්‍යාව කෙරේ කැමැත්තක් නොදක්වන බව හා මෙයට ප්‍රධාන හේතුව වනුයේ ක්ෂේත්‍රයේ පවත්නා පහළ කාන්තා නියෝජනය වන අතර අනෙකුත් හේතු සාධක වනුයේදෙමාපිය සහාය නොමැතිවීම සහ විෂය නිර්දේශයේ පවත්නා ගැටළු සැබෑ ලෝකයටඅදාල නොවීම යනාදී කරුණු අවධාරනය විය.

මයික්‍රොසොෆ්ට් ආසියානු පැසිපික් නායකත්වය විසින් මෙහෙයවූ රැකියා මාර්ගෝපදේශ වැඩමුළුවලදී තරුණියන්ට සියකැමැත්ත STEM ක්ෂේත්‍රය හා සම්බන්ධකර ගන්නේකෙසේ ද යන්න පිළිබදව උපදෙස් ලබාදෙන ලදි. ඔවුන් සහභාගීවූවන්ට වර්ධන මනසක් පවත්වා ගැනීමට උනන්දු කළඅතර තමන්ට අභියෝගය ඇතිකර ගනිමින් අරමුණුකරා ගමන්කිරීමට මෙන්ම ඔවුන්ගේ අරමුණු ළගා කර ගත හැකි කුඩා සැලසුම් බවට පත්කර ගැනීමට මග පෙන්වමින් සහායවන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 + twelve =