අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම අද

(කොළඹ, ලංකාපුවත්) – අයවැය 2019 දෙවැනිවර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද (12) පාර්ලිමේන්තුවේ දී පැවැවේ.

මාර්තු 05 වැනි දින අයවැය යෝජනා ඇතුළත් අයවැය කතව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

ඉන් අනතුරුව මාර්තු 06 දින සිට දෙවැනිවර කියවීමේ විවාදය ආරම්භ විය.

දෙවැනිවර විවාදයේ අවසන් දිනය අද පැවැත්වෙන අතර දෙවැනි වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය. මාර්තු 13 දින වන හෙට දින සිට තුන්වනවර කියවීමේ විවාදය ආරම්භවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *