නුවරඑළිය දිස්ත්‍රික් කාන්තා දින උත්සවය 14වනදා

(කොළඹ, ලංකාපුවත්) – මාර්තු 08 දිනට යෙදී තිබු ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමිව පැවැත්වෙන නුවරඑළිය දිස්ත්‍රික් කාන්තා දින උත්සවය ලබන 14 වන දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්.බි.ආර්. පුෂ්පකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

කාන්තාවගේ ඉදිරි උන්නතිය සඳහා සමතුලිත අවස්ථා උදා කිරීම විෂය කොටගත් “සුහුරු කතක්- සොඳුරු ලොවක්” තේමාව යටතේ පැවැත්වෙන මෙම සැමරුම් උත්සවයට සමගාමිව එදින උදැසන 9.00 ට නුවරඑළීය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසලින් ආරම්භවන එකමුතුකමේ පා ගමන නුවරඑළිය ප්‍රධාන බස් නැවතුම්පළ දක්වා ගමන්කර කාන්තා අයිතිවාසිකම් පිලිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව දිස්ත්‍රික් වනිතා සංවර්ධන අංශය පැවසීය.

ඉන් අනතුරුව දිස්ත්‍රික්කයට අයත් නුවරඑළිය, අඹගමුව, කොත්මලේ, වලපනේ සහ හගුරන්කෙත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ නියෝජනය කරමින් පැමිනෙ කාන්තාවන් 500 ගේ සහභාගීත්වයෙන් යුතුව ප්‍රධාන උත්සවය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ආශ්චර්ය ශාලාවේදි පැවැත්වීමට සැළසුම් කර තිබේ.

මෙහිදි ප්‍රවින සංගීතවේදි නවරත්න ගමගේ මහතා සහ ප්‍රවිණ දේශක විජය දිසානායක මහතා විසින් දේශණ ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *