ගොවීන් සවිබල ගැන්වීමට ලෝක බැංකුවෙන් ප්‍රතිපාදන

(කොළඹ, ලංකාපුවත්) – සුලු පරිමාණ ගොවීන් හාරලක්ෂ හැත්තෑදහසක් සවිබල ගන්වමින් කෘෂිකර්මාන්තයේ වර්ධනයට අමෙරිකා ඩොලර් මිලියන 125 ක මුදලක් ලබාදීමට ලෝක බැංකුව තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාව ගංවතුර හා නායයාම් ආදී ස්වභාවික ව්‍යවසනවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් පවතින රටක් බව ලෝක බැංකුව පවසයි.

එවැනි තත්ත්වයක් තුළ මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ වර්ධනයට ජනතාවගෙන් 27% ක් දායකත්වය ලබාදෙන බවද ලෝක බැංකුව පෙන්වා දෙයි. එහිදී වැඩි දායකත්වය ලබාදෙන්නේ කාන්තාවන්ය. මේ පිළිබද අවදානය යොමු කරමින් සුලු පරිමාණ ගොවීන් හාරලක්ෂ හැත්තෑදහසක් කෘෂිකර්මාන්තයේ ඵලදායිතාව හා වර්ධනය සදහා සවිබල ගැන්වීම ලෝක බැංකුවේ අරමුණ වේ.

ඒ සදහා ඇමෙරිකා ඩොලර් මිලියන 125 ක මුදලක් ලබාදීමට තීරණය කර තිබේ. ජල සම්පාදනයට ප්‍රවේශවීම සහ ජල සම්පත් කළමනාකරණයට ගොවීන්ගේ දායකත්වය ලබාගැනීමද මෙම වැඩසටහනේ අරමුණකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *