දවස් 60ට සංචාරකයන් ලක්ෂ 05ක්

(කොළඹ, ලංකාපුවත්) –2019 වර්ෂයේ පළමු මාස 02 තුළ පමණක් ශ්‍රී ලංකාවට විදේශ සංචාරකයන් හාරලක්ෂ අනූහයදහස් දෙසිය හැත්තෑ දෙකක් (496,272) පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත සඳහන් කරයි.

එසේම පෙබරවාරි මාසයේ දී මෙරටට විදෙස් සංචාරකයින් දෙලක්ෂ පනස්දෙදහස් තිස්තුනක් (252,033) දෙනකු පැමිණ ඇති අතර එයින් වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. එම ප්‍රමාණය තිස්දෙදහස් නවසිය දහහතරක් (32,914) පමණ වේ.

2018 වසරේ පෙබරවාරි මාසයේ දී පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව දෙලක්ෂ තිස්පන්දහස් හයසිය දහඅටක් (235,618) වන අතර එම ප්‍රමාණය හා සැසඳීමේ දී 2019 වසරෙහි වර්ධනය සියයට 7කි. එසේම 2018 වර්ෂයේ මුල් මාස දෙක තුළ මෙරටට පැමිණි ඉන්දීය සංචාරකයන් සංඛ්‍යාව විසි නවදහස් හත්සිය පනහක් (29,750) වේ. ඒ අනුව 2019 වර්ෂයේ දී ඉන්දීය සංචාරකයන්ගේ පැමිණීම සියයට 1.9කින් අඩු වී තිබේ.

ඊට අමතරව බ්‍රිතාන්‍යයෙන් පැමිණි සංචාරකයින් ප්‍රමාණය පසුගිය වසරේ මුල් මාස දෙකට සාපේක්ෂව සියයට 8.8 කින්ද එක්සත් ජනපදයෙන් සංචාරකයින් පැමිණීම සියයට සියයට 61.7කින්ද, ඕස්ට්‍රේලියාවෙන් සංචාරකයින් පැමිණීම සියයට 54.8කින්ද, කැනඩාවෙන් සංචාරකයින් පැමිණීම සියයට 61.8කින්ද වැඩි වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 + 3 =