ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අමෙරිකානු ආධාර

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ආරක්‍ෂාව, ආර්ථික සංවර්ධනය හා බිම්බෝම්බ ඉවත් කිරීම සඳහා සහය වීමට අමෙරිකාව ඉදිරි අය-වැයෙන් ඩොලර් මිලියන 32කට අධික මුදලක් වෙන්කර ඇත.

ඒ, අමෙරිකාවේ ආර්ථික සහයෝගිතා හා සංවර්ධන අරමුදල යටතේ. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඉදිරි වසර සඳහා වූ අය-වැය යෝජනා ඊයේ ඉදිරිපත් කරනු ලැබීය. එහිදී විවිධ වැඩසටහන් යටතේ ශ්‍රී ලංකාවට ආධාර ලබාදීමට යෝජනා කර තිබේ.

ආර්ථික සහයෝගිතා හා සංවර්ධන අරමුදල යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 27කට ආසන්න මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතයි. අපනයන පාලන හා දේශසීමා ආරක්‍ෂණ වැඩසටහන යටතේ පිරිනැමීමට යෝජිත මුදල ඩොලර් තුන් ලක්‍ෂ අසූ දහසක්. අන්තර් ජාතික හමුදා අධ්‍යාපන හා පුහුණු වැඩසටහන් සඳහා තවත් අමෙරිකානු ඩොලර් නව ලක්‍ෂයක් වෙන්කර තිබේ.

දකුණු සහ මධ්‍යම ආසියානු රටවල ආර්ථික සහයෝගිතාව හා ආරක්‍ෂක අරමුණු වෙනුවෙන් යෝජනා කර ඇති මුදල, ඩොලර් මිලියන 800කට අධිකවේ.

අන්තර් ජාතික මත්ද්‍රව්‍ය පාලනය සහ කලාපයේ ස්ථාවරත්වය සඳහා තවත් ඩොලර් මිලියන 125කට ආසන්න මුදලක් අමෙරිකා අය-වැයෙන් යෝජනා කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *