ඉන්ධන මිල වැඩි වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල වැඩි කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්ට්‍රල් ලීටරයක මිල රුපියල් 03 කින් වැඩි කර ඇති අතර නව මිල රුපියල් 132 ක් වේ. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 7 කින් වැඩි වී ඇති අතර නව මිල රුපියල් 159 ක් වේ.

ඔටෝ ඩීසල් ලීටරයක් රුපියලකින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 104කි.

සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 8කින් ඉහළ දමා ඇති අතර, ලීටරයක නව මිල රුපියල් 134 ක් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *