ජගත් මානව හිමිකම් සැසිවාරයට විදේශ ඇමති ඇතුළු පස් දෙනෙක්

(කොළඹ, ලංකාපුවත්) – මානව හිමිකම් පිලිබද මහකොමසාරිස්වරියගේ කාර්යාලය සකස්කළ ශ‍්‍රී ලංකාව පිලිබද වාර්තාව සලකා බැලීම ලබන 20 වනදා සිදුකරන බව විදේශ අමාත්‍යාංශය ප‍්‍රකාශ කළේය. ඒ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයේදීය.

ශ්‍රී ලංකාවේ සංහිදියාව , වගවීම සහ මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරිම සම්බන්ධයෙන් කරුණු වාර්තාවට ඇතුලත්. ශ‍්‍රි ලංකාව විසින් සම අනුග‍්‍රාහකත්වය දක්වා ඇති යෝජනා සම්මතය මාර්තු 21 වනදා සලකා බලන බව විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේය.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මත ජිනිවා නුවර පැවැත්වෙන සාකච්ඡා සදහා සහභාගි වන ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතාට හිමිව තිබේ.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය සරත් අමුණුගම , උතුරු පලාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් , විදේශ කටයුතු ලේකම් රවිනාථ ආරියසිංහ සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ යන මහත්වරුන්ද කණ්ඩායමට ඇතුලත් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *