මංගලගෙන් විශිෂ්ට ජනතාවාදී අය-වැයක්

(කොළඹ, ලංකාපුවත්) –තම හෘද සාක්ෂියට එකඟව මෙවර අයවැය ජනතාවගේ පැත්තෙන් ගත්කළ විශිෂ්ට අයවැයක් බව හිටපු මුදල් ඇමැති රොනී ද මැල් මහතා පවසයි.

අයවැය ලේඛන එකොළහක් ඉදිරිපත් කරමින් හිටපු මුදල් ඇමැතිවරයකු ලෙස තමා මෙතෙක් තබා තිබෙන අසීරු ඓතිහාසික වාර්තාව සමකිරීමට අයවැය ලේඛන ඉදිරිපත් කිරීම තුළින් ඇමැති මංගල සමරවීර මහතාට හැකියාව ලැබේයැයි තම අපේක්ෂාව බව හිටපු ඇමැති රොනී ද මැල් මහතා අවධාරණය කළේය.

දුෂ්කරතා අභියෝග රැසක් මැද රටේ අනාගතය අභිවෘද්ධිය සහ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් මුදල් ඇමැති මංගල සමරවීර මහතා මෙවර ඉදිරිපත් කෙළේ සුබවාදී අයවැයක් බවත් එමනිසා මෙවර අයවැය ලේඛනය දෙස වපර ඇසින් බැලීම නුසුදුසු ක්‍රියාවක් බව හිටපු ඇමැති රොනී ද මැල් මහතා තරයේම ප්‍රකාශ සදහන් කරනු ලැබේ.

තමා නියෝජනය කරනු ලබන මාතර දිස්ත්‍රික්කයේම ඇමැතිවරයකු වන මංගල සමරවීර මහතාට තම වාර්තාව සම කිරීමට හැකියාව ලැබේවා යැයි සඳහන් කරමින් හිටපු ඇමැති රොනී ද මැල් මහතා පෙන්වා දුන්නේ තම වාර්තාව සම කිරීමට හිටපු ජනාධිපති සහ මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහතාට අවස්ථාව නොලැබුණ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *