මාලදිවයින් අත්අඩංගුවේ සිටි ධීවරයින් නිදහස් කරගැනීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – දැනට මාලදිවයින අත් අඩංගුවේ පසුවන ලංකික ධිවරයින් 25 දෙනා නිදහස් කරගැනීමට අවශ්‍ය සියළු කටයුතු කර ඇතැයි ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසිය.

ඉදිරි දින කිහිපය තුල මෙම ධිවරයින් ලංකාවට ගෙන්වාගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි ද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා බහුදින ධිවර යාත්‍රා හිමියන් සහ දැනට මාලදිවයින අත් අඩංගුවේ පසුවන ධීවරයින්ගේ ඥාතීන් වෙත දැනුම් දුන්නේය.

බහුදින ධිවර යාත්‍රා හිමියන් සහ දැනට මාලදිවයින අත් අඩංගුවේ පසුවන ධීවරයින්ගේ ඥාතීන් ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේදී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා හමුවී මෙම ධිවරයින් නිදහස් කරගැනීම පිලිබදව ඊයේ[ 13 ] සාකච්ජා කළේය .

එහිදී ඇමතිවරයා සදහන් කලේ මෙම ධිවරයින් නිදහස් කරගැනීම පිලිබදව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ජා කර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ගත හැකි සියළු සියවර ගෙන ඇති බවය . ඒ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාලදිවයින බලධාරීන් සමග කල සාකච්ජාවේ ප්‍රතිඵලයක් ලෙස දින දෙකක් තුල ලාංකික ධිවරයින් පිරිස නිදහස් කරනු ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා ධිවර නියෝජිතයින් වෙත දැනුම් දුන්නේය.

ඒ අනුව ධිවරයින් සමග ඔවුන්ගේ යාත්‍රා ද නිදහස් කරගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදුකර අවසන් කර තිබේ.

අරාබි මුහුදු ප්‍රදේශයේ ධිවර රැකියාවේ නිරතව නැවත ලංකාව බලා යාත්‍රා කරමින් තිබු බහුදින ධිවර යාත්‍රා 02 ක් , නෙලාගන්නා ලද මත්ස්‍ය තොග සහ ධිවර උපකරණ මෙන්ම ධිවර කාර්මිකයින් සමගද , අරාබි මුහුදු ප්‍රදේශයේ ධිවර රැකියාව සදහා යාත්‍රා කරමින් තිබු තවත් බහුදින ධිවර යාත්‍රා දෙකක් ධිවර කාර්මිකයින් සහ ධිවර ආම්පන්න සමග මාලදිවයින් බලධාරිනේ අත් අඩංගුවට පත්ව තිබුණි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × one =