රටවල් රැසක ෆේස්බුක්, මැසෙන්ජර් සහ ඉන්ස්ටග්‍රෑම් අක්‍රිය වෙයි

(කොළඹ, ලංකාපුවත්) – බිඳවැටුණු ෆේස්බුක්,මැසෙන්ජර්,ඉන්ස්ටග්‍රෑම් ගැටලුව ප්‍රධාන වශයෙන් යථාතත්වයට පත්කළද තවමත් ගිණුමට ඇතුළුවිය නොහැකි පරිශීලින් රැසක් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ෆේස්බුක් වෙඩි අඩවිය ඉතිහාසයෙ විශාලතම බිඳ වැටීමට ඊයේ(13) මුහුණ දුන්නේය. ලොවපුරා පරිශීලකයින් බහුතරයකට මෙමගින් බලපෑම් එල්ලවිය. ඊයේ රාත්‍රී මෙම බිඳවැටීම සිදුවිය.

ෆේස්බුක්වලට අමතරව එම සමාගමේ අනෙකුත් යෙදවුම් වන මැසෙන්ජර් සහ ඉන්ස්ටග්‍රෑම් වෙබ් අඩවි ද මීට සමගාමීව ක්‍රියා විරහිත විය.

මෙම කඩා වැටීමට හේතුව කුමක්දැයි තවමත් හෙළිවී නැත. එසේම මෙම සමාජ වෙබ් අඩවී ජාලාවන් හදිසි අකර්ම වීමට හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් මේ දක්වා ෆේස්බුක් සමාගම විසින් නිළ දැනුම් දීමක් සිදුකර නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *