හතුරුසිංහ යළි දිවයිනට කැඳවයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා 05 වන හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ යළි දිවයිනට කැඳවීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි.

ඒ අනුව දෙරට අතර 20යි 20 තරගාවලියේ පුහුණුකාර ධූරය සඳහා ස්ටීව් රික්සන් පත් කර ඇති බව ක්‍රිකට් ආයතනය පවසයි.

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පස්වන හා අවසන් එක්දින ක්‍රිකට් තරගය ලබන 16 වනදා පැවැත්විමට නියමිතය.

තරගාවලියේ මේ දක්වා පැවැති තරග හතරම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්ව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *