ක්ෂය රෝගය වැළදුනු නව රෝගීන් 8,258ක්

(කොළඹ, ලංකාපුවත්) – 2018 වසරේ වාර්තා අනුව ක්ෂය රෝගය වැළදුනු නව රෝගීන් 8,258ක් සොයාගෙන ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සදහන් කරයි. ඉන් 5827දෙනෙක් පෙනහළු ආශ්‍රිතව ක්ෂය රෝගය වැළඳුනු අය වේ.

සොයාගත් රෝගීන්ගෙන් සියයට 40ක් හමුවී ඇත්තේ බස්නාහිර පලාතෙනි. එසේම ක්ෂය රෝගීන්ගෙන් සියයට 25ක් ප්‍රතිශතයක් හමු වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

බිඳිති ආසාදනයෙන් බෝවන රෝගයන් වන ක්ෂය රෝගය පැතිරයාම වළක්වා ගැනීම සඳහා මහජන සහය අත්‍යව්‍යශ වේ. එසේම රෝගය වැළඳුනු පුද්ගලයන් කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමු කරවා ගැනීමේ අභියෝගය ජය ගැනීමට මහජන සහාය ලබා ගැනීම කාලීන අවශ්‍යතාවක් ද වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *