ධීවර සංස්ථාවේ ප්‍රධාන ආදායම් මාර්ග සියල්ල අහුරලා

(කොළඹ, ලංකාපුවත්) –රට මැද ජනතාවට ගුණාත්මක මාළු සහන මිලට ලබාදීම සදහා ප්‍රධාන නගර ආශ්‍රිතව ආරම්භ කිරීමට සහ දැනට පවත්වාගෙන යන ලංකා ධිවර සංස්ථාවේ අලෙවි සැල් සදහා ඇතැම් පළාත් පාලන ආයතන වලින් දිගින් දිගටම බාධා එල්ල වෙමින් පවතින බවට පැමිණිලි ගණනාවක් ලැබී ඇතැයි ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසිය.

ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයට අයත් ආයතන වල ප්‍රගති සමාලෝචන සාකච්ජාවේදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

ලංකා ධිවර සංස්ථාව , ධිවර වරාය නීතිගත සංස්ථාව , ධිවර දෙපාර්තමේන්තුව , සි.නොර් පදනම , ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරිය , ජාතික ජලජ සම්පත් සංවර්ධන හා පර්යේෂණ නියෝජිතායතනය සහ ධිවර අමාත්‍යංශයට අයත් වරාය කළමනාකරණ හ නැංගුරම් පල ව්‍යාපෘති ඒකකය යන ආයතන වල සභාපතිවරුන් , අධ්‍යක්‍ෂවරුන් , කළමණාකාර අධ්‍යක්‍ෂ වරුන් ඇතුළු ප්‍රධානින් මෙන්ම අමාත්‍යංශයේ ජේෂ්ඨ නිලධාරීන් මෙම ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්ව සිටියහ .

මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ජනතාවට සහන මිලට මාළු ලබාදීමේ වග කීම ධිවර දෙපාර්තමේන්තුවට පැවරී ඇති බවය , ඒ සදහා සියළු නගර ආශ්‍රිතව ධිවර අලෙවි සැල් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ක්‍රියාත්මක කිරීමට පියවර ඇති බවය.

එම කටයුතු වලදී එල්ලවන බලපෑම් පිළිබද අවධානය යොමු කර වහාම අමාත්‍ය මණ්ඩලයට කරුණු වාර්තා කර ජනතාවට සහන සැලසීම වැලක් වීම සදහා පාලත් පාලන ආයතන වලින් එල්ලවන බාධා පිලිබදව දැනුවත් කර එම බාධා ඉවත් කරගැනීම සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සහිතව කටයුතු කිරීමට පියවර ගන්නා බව සදහන් කල දිලිප් වෙදආරච්චි මහතා පෙන්වා දුන්නේ මාළු ව්‍යාපාරයේ නිරත විවිධ පුද්ගලයන්ගේ අවශ්‍යතා සහ පටු දේශපාලන අවශ්‍යතා අනුව මෙම බාධා සිදු වන බව තහවුරු වී ඇති බවය.

පළාත් පාලන ආයතන වල වගකීම ජනතාවට සේවය කිරීම නම් සහන සැලසීමේ වැඩපිළිවෙලට එල්ල වන බාධා පිලිබදව විෂය භාර අමාත්‍යතුමා ඇතුළු බලධාරීන් සමග කඩිනමින් සාකච්ජා කරන බව කියා සිටි රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා ධිවර දෙපාර්තමේන්තුවට ප්‍රධාන ලෙස ආදායම් ලැබෙන සියළු මාර්ග අවහිර කර එම ආදායම් මාර්ග පෞද්ගලික ව්‍යපාරිකයිනේ ග්‍රහණයට ලක්ව ඇති බවත් එය මාෆියාවක් සේ ක්‍රියාත්මක වන බවත් මෙම රැස්වීමේදී අනාවරණය විණ .

නව ආදායම් ලැබෙන ක්‍රම වෙත යොමු වී උත්සව සමයට පෙර ජනතාවට සහන සැලසීම සහ දිනෙන් දින පාඩු ලබන සංස්ථාව ලබන පාඩුව අවම කර ගැනීම සදහා නව වෙනසක් කඩිනමින් ආරම්භ කලයුතු බව මෙහිදී අවධාරණය කරිණි .

පසුගිය සමයේ මෙවැනි පාඩුවක් ලැබීමට මුලික හේතු හා ඊට වග කිව යුත්තන් පිළිබද කරුණු ඇතුලත් වාර්තාවක් කඩිනමින් ලබා දෙන්නැයි රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා ධිවර සංස්ථාවේ සභාපති කිර්ති මුණසිංහ මහතාට මෙහිදී උපදෙස් දුන්නේය .

දිස්ත්‍රික් මට්ටමින් පාඩු ලබන ප්‍රාදේශීය අලෙවි හ මිලදී ගැනීමේ කාර්යාල පිලිබදව දැඩි විමර්ශනයක් කර එම පාඩු අවම කරගැනීම සදහා මසක් ඇතුලත කටයුතු කරන ලෙස රාජ්‍ය අමාත්‍යතුමා මෙහිදී අවධාරණය කළේය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three + nineteen =