මාකඳුරේ මධූෂ් ශ්‍රී ලංකාවට ගේන්න දෙන්න එපා – පුංචි අම්මා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – මාකඳුරේ මධුෂ් ශ්‍රී ලංකාවට රැගෙන ඒම වළක්වන්නයි ඉල්ලා සුරියවැව ප්‍රදේශයේ පදිංචි ඔහුගේ පුංචි අම්මා වන ඒ.ඩබ්ලිව්. ශ්‍රියානි නමැත්තිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ(14) ගොනු කර තිබේ.

පොලිසිය විසින් නීති විරෝධි ආකාරයට මධුෂ්ව අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන ඒමේ සුදානමක් පවතින බැවින් එමගින් ඔහුගේ මුලික අයිතිවාසිකම් කඩවන බවත්, එයට එරෙහිව තහනම් නියෝගයක් පනවන ලෙසත් පෙත්සම්කාරිය සිය පෙත්සමෙන් ඉල්ලා සිටී.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිළධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතිෆ් ඇතුළු 20 දෙනෙකු එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත.

ඉකුත් පෙබරවාරි මාසයේදී මාකඳුරේ මධුෂ් ඇතුළු 31 දෙනෙක් ඩුබායි හිදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර එම පිරිස මාර්තු මස 27 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස එරට අධිකරණය විසින් නියෝග කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

8 + 11 =